IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


CIC සමාගමෙන් Besto බිත්තර වෙළඳපොළට

CIC සමාගම පෝෂණ ගුණයෙන් හා උසස් ප්‍රමිතියෙන් සපිරි සිය නවතම නිෂ්පාදනය වන CIC Besto ඔමේගා 3 බිත්තර වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. ස්වාභාවිකව වැඩි දියුණු කළ මෙම බිත්තර නිපදවන කිකිළියන්ට දෙන ආහාරවල ප්‍රතිජීවක, හෝර්මෝන හෝ කිසිදු සත්ව නිෂ්පාදනයක අතුරු ඵලයක් අමුද්‍රව්‍ය ලෙස යොදා නොගන්නා බව එම සමාගම කියයි. 

සම්පූර්ණයෙන්ම ශාකමය අමුද්‍රව්‍ය පමණක් යොදා ගෙන ආහාර සාදන නිසා මෙම බිත්තරවල රසය සහ පෝෂණ ගුණය ඉතා ඉහළය. Besto බිත්තරවල සාමාන්‍ය බිත්තරවල‌ට වඩා සිව් ගුණයක් ඔමේගා-3 මේද අම්ල, විටමින් A, විටමින් B 9 (ෆෝලික් අම්ලය), විටමින් D3, විටමින් E සහ සැන්තොෆිල් අඩංගු වන අතර සාමාන්‍ය බිත්තරවල‌ට වඩා දෙගුණයක් සින්ක් සහ යකඩ අඩංගු වන බවද එම සමාගම කියයි.

Besto බිත්තර වයස් භේදයකින් තොරව සෞඛ්‍ය වාසි රැසක් ගෙන දෙයි. ඔමේගා 3 මේද අම්ල හදවතේ සහ මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමටත්, සෞඛ්‍යයට හිතකර කොලෙස්ටරෝල් (HDL) ඉහළ මට්ටමක පවත්වා ගැනීමටත්, බුද්ධි වර්ධනයටත් උපකාර වේ. විටමින් ඊ සමේ තෙතමනය ආරක්ෂා කිරීමටත්, ප්‍රතිශක්තිය ඉහළ නැංවීමටත් දායක වෙමින් ශක්තිමත් ප්‍රති-ඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරයි. විටමින් ඩී කැල්සියම් අවශෝෂණයට උපකාර වන අතර අස්ථිවලට සහ මස්පිඬුවලට අත්‍යවශ්‍ය වේ. ෆෝලික් අම්ලය, යකඩ, සින්ක් වැනි සංඝටක ශක්තිය නිපදවීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහ ශරීරයේ සමස්ත වර්ධනයට දායක වේ. Lutein සහ Zeaxanthin ඇසේ සුද ඇති වීමේ සහ ඇස් දුර්වල වීමේ අවදානම අඩු කරමින් අක්ෂි සෞඛ්‍යය යහපත් කරයි. 

සෑම විටම අදාළ ප්‍රමිතිවලට මුල්තැන දෙන CIC සමාගම සෑම Besto බිත්තරයක්ම අදාළ පෝෂණ සංඝටකවලින් අනූන බව සහතික කරයි. CIC සමාගමේ පශු වෛද්‍යවරු නිරන්තරයෙන් කිකිළියන් පරීක්ෂා කරති. බිත්තර කහ මදයේ පැහැය හා පෝෂණය වැඩි කිරීම සඳහා දාස්පෙතියා මල් පෙති, බෙල්පෙපර්, බඩඉරිඟු‍ වැනි ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිපදවන ආහාර පමණක් කිකිළියන්ට දෙන බැවින් බිත්තරවල මදයේ පැහැය සහ පෝෂණ මට්ටම ඉහළ මට්ටමක පවතී. සෑම බිත්තරයක්ම ප්‍රමිතිය සහ නැවුම් බව සහතික කිරීමට පරීක්ෂා කෙරෙන අතර බිත්තරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වීමේ දින පැහැදිලිව සඳහන් කර ඇත.



අදහස් (0)

CIC සමාගමෙන් Besto බිත්තර වෙළඳපොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 632 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1036 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site