
කොමර්ෂල් බැංකුවට පුර්ණ අනුබද්ධිත එකම මුල්‍ය ආයනය වන CBC ෆිනෑන්ස් ආයතනය හා ත්‍රී රෝද රථ, මෝටර් සයිකල් සඳහා දිවයිනේ ප්‍රමුඛතම නාමයක් වන TVS ලංකා (පුද්) සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කළේය. TVS IQUBE - ඉලෙක්ට්‍රික් ස්කුටර (EV) හා අනෙකිත් යතුරුපැදි සඳහා අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුම අනුව සහනදායි මුලික ගෙවීම් සහ පොලී අනුපාත යටතේ ලීසිං පහසුකම් ශ්‍රී ලාංකීය ජනතාවට ලබාදෙනු ලබයි.
CBC ෆිනෑන්ස් ආයතනය වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂක/ ප්‍රධාන විධායක නිලධාරී චමිලන්ත ප්‍රනාන්දු සහ TVS ලංකා (පුද්) සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂක ගීතාල් ඇන්තනි යන මහත්වරු අත්සන් තැබූහ. CBC ෆිනෑන්ස්හි නිෂ්පාදන ව්‍යාපාර ප්‍රධානි, රංගන ෂමිල් කුමාර, ජ්‍යේෂ්ඨ කළමනාකරු - ත්‍රිරෝද රථ/මෝටර් සයිකල්, රවින්ද්‍ර රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම TVS ලංකා (පුද්) සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරීනි, දයානි තුල්ෂිකා, නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂක - විකුණුම්, මාලක වේහැල්ල මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
CBC ෆිනෑන්ස් - TVS ලංකා අතර අවබෝධතා ගිවිසුමක්