IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


Beach Kho Kho ලංකාවට හඳුන්වාදීමට Ceylon Sapphire අනුග්‍රහය

Beach Kho Kho ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීම‌ට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි. එම ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීමේ උත්සවය 2024 දෙසැම්බර් 24 දින මීගමුව වෙරළ තීරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා Beach Kho Kho සම්මේලනයේ ලේකම් සහ කීර්තිමත් ක්‍රීඩා උපදේශකවරයකු වන අතුල විජේනායක Kho Kho සහ Beach Kho Kho ක්‍රීඩා මෙරටට හඳුන්වා දීමට විශාල කාර්යභාරයක් ඉටු කළේය. 
Ceylon Sapphire Mining සභාපති සංජීව ප්‍රියන්ත ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා Beach Kho Kho සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා Kho Kho සංගමයේ උපසභාපති ලෙස කටයුතු කරයි. පරිසර හිතකාමී ක්‍රමවේද භාවිත කරමින් මැණික් ගැරීම සිදු කරන Ceylon Sapphire Mining සමාගමට අනුබද්ධ Ceylon Facet පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්තය, තායිලන්තය, චීනය වැනි රටවලින් ලැබෙන මැණික් කපා ඔප දැමීම සිදු කරයි. යුරෝපයට, චීනයට සහ ඇමරිකා එක්සත් ජනපදයට වසර 30ක් පුරා මැණික් අපනයනය කරන එම සමාගම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඇතුළු 125කට වැඩි පිරිසකට රැකියා අවස්ථා සපයා ඇත. වර්තමානයේදී ශ්‍රී ලංකා Kho Kho කණ්ඩායම Kho Kho ලෝක කුසලාන තරගාවලියට සූදානම් වේ. ඉන්දියාවේ ආරම්භ වූ Kho Kho ක්‍රීඩාවට වසර 150කට වැඩි ඉතිහාසයක් ඇත.



අදහස් (0)

Beach Kho Kho ලංකාවට හඳුන්වාදීමට Ceylon Sapphire අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site