
ජේ.ඒ.එල්. ජයසිංහ
BYD යනු ලොව විශාලතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන අතර රටවල් සහ කලාප 70 කට වැඩි ගණනක ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය ව්‍යාප්ත වී තිබේ. ශ්‍රී ලංකාව තුළ BYD වාහන බෙදා හැරීම සහ සේවා සැපයීම මෙන්ම එහි බලය ලත් බෙදා හරින්නා ලෙස ජෝන් කීල්ස් CG Auto සමාගම කටයුතු කරයි. ලංකාවට BYD වාහන ආනයනය කිරීම ඉතා සාර්ථක තත්වයේ පවතින බව ජෝන් කීල්ස් සමාගම පවසයි.
දැනට BYD වාහන 14,000 කට අධික සංඛ්‍යාවක් මෙරට අලෙවි කර තිබේ. මෙම වාහන ඉහළ වෝටීයතා පද්ධති සහ මෘදුකාංග මගින් පාලනය වන පද්ධති මත පවතියි.
දක්ෂ පරිණත කාර්මික ශීල්පීන්, ඉංජිනේරුවන්, BYD වාහන සේවා කටයුතුවල සහ කාර්මික සේවාවල යෙදෙන බව සමාගම ගැනුම්කරුවන් වෙත සතුටින් දන්වා සිටී.
මහනුවර BYD වාහන සේවා මධ්‍යස්ථානය කටුගස්තොට පාරේ, ඉන්ද්‍රා මෝටර් රථ සේවා ආයතනය සමග එක්ව පවත්වාගෙන යයි. BYD, jOhn keells CG auto සහ ඉන්ද්‍රා සමූහ ව්‍යපාරයට අනුබද්ධ ලෙස මෙම ආයතනය පවතී. විදෙස් රටවල තාක්ෂණික පුහුණුව ලත් තරුණ කාර්මික පිරිසක් BYD මෝටර් රථ සඳහා සේවය සපයන බව BYD මෝටර් රථ මෙරටට ගෙන්වන BYD ශ්‍රී ලංකා සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd