ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල, නුගදූව පිවිසුම අසලදී පසුගියදා විවෘත කළේය.
මෙය BYD හි ශ්‍රී ලංකාවේ දෙවැනි අලෙවි නියෝජිතායතනය වන අතර කොළඹ පිහිටි එහි ප්‍රධාන ප්‍රදර්ශනාගාරය හා සමාන උසස් තත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා අතිනවීන පහසුකම්වලින් යුතුව නිර්මාණය කර ඇත. මීට අමතරව මෙම නව ප්‍රදර්ශනාගාරය BYD SEALION 6, BYD ATTO 3, BYD SEAL, BYD DOLPHIN iy BYD M6 සහ BYD M6 යන මාදිලිවලින් සමන්විත වන අතර එමගින් දකුණු කලාපයේ පාරිභෝගික ජනතාවට BYD හි අති නවීන ඉලෙක්ට්‍රික් සහ plug-in hybrid මෝටර් රථ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙයි.
John Keells සමූහයේ සිල්ලර වෙළෙඳ අංශයේ සභාපති චරිත සුබසිංහ මහතා මෙසේ පැවසුවේයග “ශ්‍රී ලංකාව තුළ BYD හි වර්ධනය මගින් නව බලශක්ති වාහන වෙළෙඳපොළ ඉදිරියට ගෙන යාම සඳහා අපගේ දිගුකාලීන කැපවීම පෙන්නුම් කරනවා. අපගේ ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟින් BYD දකුණු කලාපයේ පාරිභෝගිකයන්ට NEV වාහන මිලදී ගැනීමේ හැකියාව පහසු කරනවා පමණක් නොව රටේ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සඳහා ශක්තිමත් සහ දිගුකාලීන වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට ද දායක වනවා.”
මෙම ප්‍රදර්ශනාගාරයට අමතරව BYD පාරිභෝගිකයන් සඳහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවා සැපයීම සඳහා අති නවීන පහසුකම්වලින් සමන්විත සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත. තවද මෙය ශ්‍රී ලංකාව පුරා සිය සේවා ජාලය සහ යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා BYD හි දිගුකාලීන දැක්ම සමඟ සමපාත වේ.
ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන සඳහා යටිතල පහසුකම් පද්ධතිය ශක්තිමත් කිරීමේ BYD හි කැපවීම පෙන්නුම් කරමින් BYD සහ John Keells CG Auto රටේ ප්‍රධාන ස්ථානවල ඉලෙක්ට්‍රික් වාහන (EV) charge කිරීමේ පහසුකම් පුළුල් කිරීමට ද කටයුතු කර ඇත. ඒ අනුව charge කිරීමේ ස්ථාන දැනටමත් කොළඹ, මීගමුව, ගම්පහ, කළුතර ඇතුළුව දකුණු කලාපයේ ප්‍රධාන සංචාරක ගමනාන්ත වන කරාපිටිය, මාතර සහ තංගල්ල දක්වා ද පුත්තලම, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රධාන ස්ථානවල ද පිහිටා ඇත. මෙය ඉලෙක්ට්‍රික් වාහන හිමිකරුවන්ට තම වාහන charge කිරීමට පහසුවක් වනු නිසැකය. තවද මෙම ආයෝජනය ශ්‍රී ලංකාව තිරසාර ගමනාගමනය වෙත ගමන් කිරීම සඳහා ශක්තිමත් යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ BYD හි අරමුණට සහාය දක්වයි.
ශ්රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
BYD ගාල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කරයි