IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


BOC වෙළෙඳ සංගම් සුහද හමුව රට පුරා

ලංකා බැංකුවේ නියෝජ්‍ය |මහා කළමනාකරු (ශාඛා ‍මෙහෙයුම්) ප‍්‍රියල් සිල්වා

ව්‍යාපාරික ලෝකයේ දී මානව සබඳතා ඉතා වැදගත් සාධකයක් වේ. ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නාමය වන ලංකා බැංකුව (BOC), මෙම සබඳතා සවිමත් කිරීමේ නවතම පියවර තබනුයේ BOC ‘සුහද හමුව’ වැඩසටහන් මගිනි. මෙය දිවයින පුරා පැතිරුණු වෙළෙඳ සමාජ, සංගම් සහ බැංකුවට, එකිනෙකාට සමීප කරවන, උද්යෝගයෙන් පිරුණු අවස්ථා රැසකි.
ලංකා බැංකුවේ 86 වැනි සංවත්සර සැමරුමට සමගාමීව ආරම්භ කළ මෙම සුහද හමු වැඩසටහන් කුඩා ව්‍යාපාර හිමියන්, ව්‍යාපාරිකයන්, බැංකු නිලධාරින් සමඟ එක්ව අදහස්, අත්දැකීම් සහ අනාගත සැලසුම් බෙදාගැනීමට අවකාශ තනනු ලැබූ වේදිකාවකි. 
මේ වන විටත් මෙවැනි වැඩසටහන් 40කට අධික සංඛ්‍යාවක් සාර්ථකව පවත්වා ඇති අතර, දිවයින පුරා තවත් එවැනිම වැඩසටහන් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. මේ තුළින් දිවයින පුරා සිටින ව්‍යාපාරික ප්‍රජාව සහ බැංකුව අතර සවිමත් සබඳතා ඇතිකිරීමට බලාපොරොත්තු වේ.
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් (SMEs) සඳහා, වෙළෙඳ මූල්‍ය පහසුකම් සහ ඩිජිටල් විසඳුම් හදුන්වාදීම් සමගින් ආරම්භ වී, පසුව වෙළෙඳ සංගම් සාමාජිකයන්ට තම ව්‍යාපාරික අභියෝග සහ බැංකු අවශ්‍යතා නිදහස්ව ප්‍රකාශ කිරීමට හැකි වන ලෙස විවෘත සාකච්ඡා පැවැත්වේ. මෙහි පැමිණෙන ගනුදෙනුකරුවන්ට කුසපත් ඇදීම හරහා ත්‍යාග පිරිනැමීමත් සිදුවේ.
 “මෙම සුහද හමුව වැඩසටහනෙන් නව ගනුදෙනුකරුවන් ලංකා බැංකුව සමගින් එක්ව සිටින අතර, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතුවලට මූල්‍ය ශක්තියක් වීමට ලංකා බැංකුව සමත් වී ඇත. 
දිවයින පුරා වෙළෙඳ සංගම් සාමාජික සාමාජිකාවන්ට නිරතුරුවම ලංකා බැංකුව හා රැඳී සිටින්නට ආරාධනා කරන අතර, බැංකුවේ මූල්‍ය පහසුකම් සහ ඩිජිටල් මෙවලම් උපයෝගී කරගැනීමෙන් තමාගේ වෙළෙඳ පොළ පුළුල් කර ගැනීමට මෙන්ම ගෝලීය වෙළෙඳපොළට පිවිසීමේ අවස්ථා ද සලසා ගත හැකි බැව් පෙන්වා දීමට කැමතියි.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ‍මෙහෙයුම්) ප‍්‍රියල් සිල්වා විසින් මහතා ප්‍රකාශ කරන ලදී. 
මෙයට අමතර ව ලංකා බැංකු ශාඛා ජාලයම ආවරණය වන පරිදි ශාඛා මට්ටමින් පවත්වනු ලබන “Tea with BOC” වැඩසටහන් ගණන ද 2000 ඉක්මවා ඇත. තවද, දිවයිනේ සියළුම පලාත් ආවරණය කෙරෙමින් “Customer Felicitation” වැඩසටහන් සෑම වසරක් පාසා ම දියත් කිරීමට ලංකා බැංකුව කටයුතු කරනු ලබයි. මෙවැනි වැඩසටහන් ගනුදෙනුකරුවන් හා බැංකුව අතර සුහදශීලී බව තවදුරටත් ඉහළ නංවා ගැනීමට ඉවහල් වී ඇති බව ද මෙහිදී සඳහන් කළ යුතු ම කරුණකි.
The Banker සඟරාව මගින් ලෝකයේ විශිෂ්ටතම බැංකු 1,000 අතරට ඇතුළත් කර ඇති ලංකා බැංකුව මූල්‍යමය මෙන්ම මූල්‍යමය නොවන නිර්ණායක ගණනාවක ප්‍රමුඛයා වේ. 
දිවයින පුරා 2,400කට වැඩි සේවා ස්ථාන සහ 660ක් වූ ශාඛා ජාලයකින් සමන්විත ලංකා බැංකුව විශ්වාසය, හා මූල්‍යමය ආරක්ෂාව නවීන තාක්ෂණයෙන් ගනුදෙනුකරුවන් සවිබල ගන්වනු ලබයි.
මේ ‘BOC SME Circle’ මගින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර අවස්ථාවලට මඟ පෙන්වීම, විශේෂඥ දැනුම බෙදාගැනීම සහ උපදේශන සේවා, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමඟ මූල්‍යමය නොවන සේවා සම්බන්ධතා ගොඩනගාදීම ආදිය සිදු කෙරේ. 
තවද, ‘BOC SME Circle’ මගින් ආරම්භක (Start-ups) සහ කුඩා පරිමාණ අපනයන ව්‍යාපාර සඳහා ආරම්භයේ සිට අවසානය දක්වා මූල්‍ය සහ මූල්‍යමය නොවන සේවා ද සපයයි. මෙයට අමතරව, ‘BOC Flex’ ජංගම දුරකතන යෙදුම සහ ‘Smart Passbook’ වැනි ඩිජිටල් මෙවලම් ද, ගෝලීය මුදල් ප්‍රේෂණ සේවා සඳහා වූ ‘BOC Smart Remit’ යෙදුම ද, ගනුදෙනුකරුවන්ට 24/7 ආරක්ෂිත සහ විශ්වාසනීය බැංකු සේවා සෘජුවම ඔවුන්ගේ ඇඟිලි තුඩු වෙතම ළඟා කර දෙයි.
 මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරමින්, ලංකා බැංකුව සෑම වෙළෙඳ සංගම් සාමාජික සමාජිකාවකටම පවසනුයේ, ඔබගේ ව්‍යාපාරයේ අනාගතය හුදෙක් ගනුදෙනු පමණක් නොව, ලංකා බැංකුව සමඟ සබඳතා පවත්වා ගැනීමෙන් විශාල ව්‍යාපාරික අවස්ථා සමුදායකට ඔබට දොරටු විවර කිරීමක් වනු ඇති බවයි.



අදහස් (0)

BOC වෙළෙඳ සංගම් සුහද හමුව රට පුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site