IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


Asia Miracle හා BWIO සම්මානවලින් Dr. Rush Skin Care පිදුම් ලබයි

Dr. Rush Skin Care පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත් කැපී පෙනෙන චර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස සම්මාන ලැබුවේය. සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Dr. රසාංජලී විජේපාල වෙත සම්මානය පිරිනැමිණි. මීට පෙර පැවැති BWIO සම්මාන උළෙලේදී Most Innovative Aesthetic Centre සම්මානය දිනා ගැනීමටද එම සමාගමට හැකි විය. 

2024දී ඇරැඹුණු Dr. Rush Skin Care නවීන තාක්ෂණය යොදා ගනිමින් නිරෝගී සමක් සඳහා අවශ්‍ය ශල්‍ය නොවන ප්‍රතිකාර සපයයි. කාබන් ලේසර්, (Pigmentation සහ Rejuvenation සඳහා), ප්ලේට්ලට් රිච් ප්ලාස්මා (PRP) තෙරපි, ඩීප් ස්කින් ඇනැලිසිස් (DSA), ග්‍රෝත් ෆැක්ටර් කන්සන්ට්‍රේට් (GFC), කෙමිකල් පීල්ස්, ඩර්මබ්‍රේසන්, ත්‍රෙඩ් ලිෆ්ටින්, ටැටූ රිමූවල්, මේදය ඉවත් කිරීම, නෝස් ෆිලර්ස්, අත් යට කළු පැහැය ඉවත් කිරීම, ලේසර් ප්‍රතිකාර, අනවශ්‍ය රෝම ඉවත් කිරීම ඒ අතර ප්‍රධාන වේ. තොල්වල දීප්තිමත් බව වැඩි කරන ලිප් බ්‍රෂ් ප්‍රතිකාරයද එම ආයතනය සපයයි.

Dr. Rush Skin Care නිර්මාතෘ රසාංජලී විජේපාල ජාත්‍යන්තර සහතික ලත් සම පිළිබඳ විශේෂඥවරියකි. වසර පහක කාලයක් මැලේසියාවේ අධ්‍යාපනය ලැබූ ඇය ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි Inter-University Higher Academic Council වෙතින් ආචාර්ය උපාධියක්ද ලබා ඇත. නවීන උපාංග සහ තාක්ෂණය භාවිතා කරමින් ආරක්‍ෂිත සහ ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකාර සපයන බැවින් කෙටි කාලයකින් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇති එම ආයතනය දැනුමෙන් සහ අත්දැකීම්වලින් පරිපූර්ණ කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. ඒ ඒ සමට සහ තත්වවලට ගැළපෙන ලෙස ප්‍රතිකාර ක්‍රම සකසා ඇත. සියලු‍ම ප්‍රතිකාර සිදු කිරීමට පෙර ඒ පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදු කෙරේ.අංක 417, පැරැණි කොට්ටාව පාර, උඩහමුල්ල, නුගේගොඩ ලිපිනයේ එම ආයතනය පිහිටා තිබේ.



අදහස් (0)

Asia Miracle හා BWIO සම්මානවලින් Dr. Rush Skin Care පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1880 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site