IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


Alumex සමාගමට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලු‍මිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC   පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024  සම්මාන උළෙලේදී ලෝහ, අච්චු, යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂී සම්මානය මඟින්  ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය සඳහා Alumex PLC  හි  නොසැලෙන කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)   එක්ව සංවිධානය කරන ලද මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කර්මාන්ත නායකයන් ඇතුළු ආරධිතයෝ  සහභාගී වූහ.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Alumex PLC  හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “විශිෂ්ටත්වය වෙත ගමන් කිරීම සඳහා වූ අපගේ අඛණ්ඩ උත්සහය  මෙම ගෞරව සම්මානය ඔස්සේ මැනවින් පිළිබිඹු කරනවා. Alumex PLC  හරහා ඇලු‍මිනියම් කර්මාන්තයේ නවෝත්පාදනය සහ තිරසාරභාවය පිළිබඳ  නිම් වළලු‍ පුළුල් කිරීමට අපි කැපවී සිටිනවා. මේ ජයග්‍රහණය ඔස්සේ මෙරට කාර්මික ප්‍රගතිය සඳහා දායකත්වයක් ලබාදිය හැකි ගෝලීය මට්ටමේ විසඳුම් සැපයීම සඳහා අපව තවදුරටත් උද්‍යෝගිමත් කරනවා.

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය ඇලු‍මිනියම් සන්නාමය ලෙස අපගේ ස්ථාවරත්වය තහවුරු කර ගැනීමට ලැබීම ගැන අපි නිහතමානිව සතුටු වන අතර ඒ ඔස්සේ කර්මාන්තයේ දියුණුව සහ ජාතික සංවර්ධනය වෙනුවෙන් වැඩි දායකත්වයක් සැපයීමට මාවත විවර වෙනවා.”‍

Alumex PLC  විසින් ඇලු‍මිනියම් නිෂ්පාදනය සහ උසස් ගෘහ නිර්මාණ විසඳුම් සැපයීම සම්බන්ධයෙන් දක්වන අද්විතීය විශේෂඥතාව මෙම ජයග්‍රහණය මගින් විදහා දැක්වේ. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය උසස් තත්වයේ, තිරසාර ඇලු‍මිනියම් නිෂ්පාදන හරහා නවීකරණය කරමින් වෙළෙඳපොළ ප්‍රමුඛයකු ලෙස සිය සන්නාමය ගොඩනගා ගැනීමට සමාගමට හැකියාව ලැබී  තිබේ.

ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදිකිරීම්ශිල්පීන් සහ කාර්මික අංශය සඳහා වඩාත් කදීම තේරීමක් ලෙසින්, පරිසර හිතකාමී සහ බලශක්ති කාර්යක්ෂම විසඳුම් සඳහා ප්‍රමුඛත්වය ලබාදෙනAlumex PLC  දශක හතරකට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරා ලද අත්දැකීම් සහ ප්‍රවීණත්වය ඔස්සේ නිවාස, වාණිජ සහ කාර්මික යෙදුම් සඳහා ගෝලීය මට්ටමේ විසඳුම් ලබා දෙමින් අඛණ්ඩව ඇලු‍මිනියම් නිෂ්පාදනයේ  නව මිණුම් සලකුණු  කිරීමට සමත් වී ඇත.  

ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රය ගොඩනැංවීම කෙරෙහි සැලකිය යුතු මෙහෙවරක් ඉටු කළ සන්නාම 2024 NIBE  සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ අතර එහිදී කර්මාන්ත අංශ 25ක් සඳහා සම්මාන 111ක් ප්‍රදානය කරන ලදී. ජාතික ආර්ථික වර්ධනයට සුවිශේෂ දායකත්වයක් ලබාදෙමින් කැපී පෙනෙන සන්නාම වටිනාකම් සහ වෙළෙඳපොළ ප්‍රමුඛත්වයක් ප්‍රදර්ශනය කළ සන්නාම රැසක් මෙහිදී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය.



අදහස් (0)

Alumex සමාගමට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 65 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 38 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 36 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 27 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 18 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 14 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 375 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site