IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


Alumex මෙරට සැපයුම්දාම සවිබල ගැන්වීමට ISMM සමග හවුල්කාරිත්වයක

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලු‍මිනියම් නිෂ්පාදන සමාගමක් වන Alumex PLC විසින් Institute of Supply and Materials Management (ISMM) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් සැපයුම්දාම කළමනාකරණයේ විශිෂ්ටත්වය වෙත ළඟා වීම සඳහා ඔවුන් දක්වන කැපවීම නැවතත් සනාථ කරන ලදී.Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා, ISMM හි සභාපති ජයන්ත ගල්ලේහේවා මහතා ඇතුළු ප්‍රධාන කර්මාන්ත නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම (MoU) මගින් පසුගියදා මෙම සහයෝගීතාව වඩාත් සවිමත් කළේය. 
මෙරට සැපයුම්දාම කර්මාන්තයේ අභිවෘද්ධිය පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ එම අවස්ථාව සඳහා ISMM හි නායකත්ව කණ්ඩායම ඇතුළු හවුල්කාර සංවිධානවල නිලධාරීහු සහභාගී වී සිටියහ.
කාර්මික ක්ෂේත්‍රයේ වර්ධනය කෙරෙහි මෙන්ම එහි තිරසාරභාවය උදෙසා කාර්යක්ෂම සහ ඉහළ පහසුකම් සහිත සැපයුම්දාමයක් මගින් සිදුකරන තීරණාත්මක කාර්යභාරය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශයේ ප්‍රමුඛතම සමාගමක් ලෙසAlumex PLC මැනවින් හඳුනාගෙන ඇත. මෙම හවුල්කාරිත්වය ඔස්සේ න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික විශේෂඥතාව අතර පවතින පරතරය අවම කරමින් කර්මාන්ත හා අධ්‍යයන ක්ෂේත්‍ර අතර පවත්නා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහාAlumex PLC විසින් දක්වන අඛණ්ඩ වෑයම පිළිබිඹු කරයි. මෙය කර්මාන්ත හා අධ්‍යයන ක්ෂේත්‍රවල පරිණාමය වන අවශ්‍යතාවලට ගැළපෙන තිරසාර හවුල්කාරිත්වයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි බෙහෙවින් ඉවහල් වනු ඇත.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ ISMM ආයතනය විසින් Alumex PLC වෙත ආයතනික සාමාජිකත්වය ප්‍රදානය කරනු ලැබේ. ISMM සිසුන්ට සහ සාමාජිකයන් වෙත සමාගම ප්‍රමුඛතා ප්‍රවේශය ලබා දෙන අතර, Alumex PLC හි අති නවීන නිෂ්පාදන පහසුකම්වලින් සැපයුම්දාම කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සඳහා දායකත්වය සපයමින් සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථාවන් මේ ඔස්සේ පිරිනමනු ඇත. මෙමගින් දැරිය හැකි ගාස්තු යටතේ පුහුණු වැඩසටහන් පහසුකම් සලසන අතර සැපයුම් දාම වෘත්තිකයන් අති නවීන කර්මාන්ත දැනුමෙන් සවිබල ගැන්වේ. ISMM සිසුන් සඳහා Alumex හි නිෂ්පාදන සහ සැපයුම් දාම පහසුකම් පිළිබඳ ක්ෂේත්‍ර චාරිකාවල නිරත වීමේ අවස්ථාව ද උදාවන අතර එය කර්මාන්තය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් එකතු කරගනිමින්, හොඳම භාවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාගැනීමට කදිම තෝතැන්නක් වනු ඇත.
 මේ පිළිබඳව අදහස් දක්වමින් Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශක්තිමත් මෙන්ම ඔරොත්තු දීමේ හැකියාවෙන් ඉහළ සැපයුම් දාමයක් නිෂ්පාදන අංශයේ සාර්ථකත්වය කෙරෙහි අත්‍යාවශ්‍ය බවAlumex PLC හි අපි විශ්වාස කරනවා. ISMM සමඟ ආරම්භ කළ හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ සැපයුම් දාම කර්මාන්තයේ අනාගතය සඳහා මනා ආයෝජනයක් වන අතර ඒ ඔස්සේ ඊළඟ පරම්පරාවේ නවෝත්පාදනය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මෙහෙයවන වෘත්තිකයන් සවිබල ගැන්වීමට ද අපට අවස්ථාව ලැබෙනවා. අපගේ මෙහෙයුම් කටයුතුවලට අඛණ්ඩව දැනුම බෙදාගැනීම සහ කර්මාන්ත සමඟ සම්බන්ධ වීම ද සිදු කරන බැවින් මෙම හවුල්කාරිත්වයAlumex PLC වැදගත් සන්ධිස්ථානයක් වෙනවා.”
ISMM හි සභාපති ජයන්ත ගල්ලේහේවා මහතා මෙහිදී සිය අදහස් එකතු කළේ මෙසේය. ‘ජාත්‍යන්තර මට්ටමේ සැපයුම් දාම වෘත්තිකයන් සංවර්ධනය කිරීමේ අපගේ මෙහෙවර තුළ වැදගත් සන්ධිස්ථානයක් මෙම සහයෝගීතාව ඔස්සේ සනිටුහන් කරන අතර මෙය ශ්‍රී ලංකාවේ සැපයුම්දාම අංශය ද ගෝලීය තරගකාරිත්වය කරා රැගෙන යාම කෙරෙහි වැදගත් පියවරක් වෙනවා. කර්මාන්තය තුළ වෙනස් වන සහ වර්ධනය වන ඉල්ලු‍ම සඳහා අපගේ සිසුන් සහ වෘත්තිකයන් මැනවින් සූදානම් කරවීම සහතික කිරීමට මෙවැනි ප්‍රමුඛ සැපයුම් දාම සහ නිෂ්පාදන සංවිධාන සමඟ එක්වීම අපට බෙහෙවින් වැදගත් වෙනවා.”‍



අදහස් (0)

Alumex මෙරට සැපයුම්දාම සවිබල ගැන්වීමට ISMM සමග හවුල්කාරිත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site