භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන Acuity Partners (Pvt) Ltd හි සියයට 100 ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගැනීම සඳහා එහි සම කොටස් හිමිකරුවා වන DFCC බැංකුව සමගින් පැමිණි නව එකඟතාව සාර්ථකව අවසන් කළ බව හැටන් නැෂනල් බැංකුව (HNB) පවසයි.
ඊයේ (16දා) කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපි මගින් දැනුම් දෙමින් හැටන් නැෂනල් බැංකුව සහ DFCC බැංකුව මේ බව සඳහන් කරයි. ඒ අනුව මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වන අලෙවි කිරීමේ සහ මිලදී ගැනීමේ එකඟතාවට පිවිසීමත් ඊයේ දිනයේදී සිදුව ඇත.
මෙහිදී DFCC බැංකුව සතුව ඇති Acuity Partners (Pvt) Ltd සමාගමෙහි සියයට 50 ක කොටස් හිමිකාරීත්වය HNB බැංකුව වෙත හුවමාරු කිරීම නියාමන ආයතනවල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ඉදිරියේදී සිදුවනු ඇති බවත් දෙපාර්ශ්වයම පවසයි.
පසුගිය වසරේ සැප්තැම්බර් 02 වැනිදා මෙම අත්පත් කරගැනීම පිළිබඳව පළමුවරට අනාවරණය කෙරිණි. කෙසේ වෙතත් එම අදහස ඉවත් කරගත් බව හැටන් නැෂනල් බැංකුව (HNB) එම වසරේ නොවැම්බර් 01 වැනිදා ප්‍රකාශ කළේය. මේ අතර දෙසැම්බර් 16 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් අදාළ එකඟතාව සම්බන්ධයෙන් පැවැති කාරණා සහ කොන්දේසි වෙනස් කරමින් දෙපාර්ශ්වය යළිත් එකඟතාවකට පිවිසෙන බව සඳහන් කළේය.
Acuity Partners සමාගම හැටන් නැෂනල් බැංකුවෙහි සහ DFCC බැංකුවෙහි ඒකාබද්ධ හවුල්කාරීත්වයෙන් ස්ථාපිත කෙරුණකි. එහි කොටස් හිමිකාරීත්වයෙන් සියයට 50 ක් හැටන් නැෂනල් බැංකුව වෙතත් ඉතිරි සියයට 50 DFCC බැංකුව වෙතත් බෙදී ගොස් තිබේ.
මෙහිදී රුපියල් බිලියන 7ක මුදලකට අදාළ හිමිකාරීත්වය අලෙවි කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවට පත්වූ බවටත් මුල් වාර්තාවල සඳහන් විය.
එසේම මෙම අත්පත් කරගැනීමෙන් අනතුරුව HNB බැංකුව Acuity Partners (Pvt) Ltd සමාගම හරහා සිය ආයෝජන බැංකු ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවත් වැඩිදුරටත් සඳහන් වී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
Acuity Partners හි හිමිකාරීත්වය හැටන් නැෂනල් බැංකුවට