
AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් PodHub සමග එක්ව කොටස් හතරකින් යුත් පොඩ්කාස්ට් මාලාවකින් යුත් සිය ‘Rethink Healthy’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳව පවතින විවිධ වැරදි මතවාද අභියෝගයට ලක් කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමයි. සෞඛ්‍ය සම්පන්න බව යන්න කුමක්ද පිළිබඳව විවිධ වැරදි අර්ථකතන ලබාදෙන යුගයක, ‘Rethink Healthy’ වැඩසටහන විසින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි දෙයක් බව සමාජයට පහදා දෙනු ලැබීමයි.
‘Rethink Healthy’ යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව බිලියන හතරකට අධික ජනගහනයක් සිටින කලාපය පුරාම සෞඛ්‍ය පිළිබඳ පුද්ගල මතවාද වෙනස් කිරීම සඳහා AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් දියත් කරන ලද වටිනා වැඩසටහනක් වන අතර ඒ තුළින් ශාරීරික, මානසික, මූල්‍ය හා පාරිසරික ඇතුළු යහපැවැත්මේ සෑම අංශයක්ම සලකා බලමින් යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට පුද්ගලයන් දිරිගන්වනු ලබයි. සෞඛ්‍ය සම්පන්න, දීර්ඝ හා වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට පුද්ගලයන්ට උපකාර කිරීමේ AIA ඉන්ෂුවරන්ස්හි මෙහෙවරට සමගාමීව දියත් කරන මෙම වැඩසටහන හරහා යහපැවැත්ම යනු ශාරීරික ව්‍යායාම හෝ ආහාර සංස්කෘතිය පමණක් නොවන බවත්, එය ජීවිතය සමතුලිත කිරීමට ඒ ඒ පුද්ගලයාට අාවේණික ලෙස සිදු කළ යුතු කැපවීමක් බවත් පෙන්වා දෙයි.
‘Rethink Healthy’ පොඩ්කාස්ට් මාලාවේ පළමු අදියර සඳහා සුවිශේෂී චරිත හතරක් සහභාගී වන අතර ඒ අතර බොල්ගොඩ වැව අසබඩ එළිමහන් ත්‍රාසජනක ක්‍රියා මධ්‍යස්ථානයක් ඉදිකර ඒ හරහා සුවතා ප්‍රවර්ධනය කළ යුවලක්, කාය වර්ධන ශිල්පියකු ලෙස හඳුනාගත් විනය, ජාතික බර ඉසිලීමේ ක්‍රීඩාවට මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියකුගේ භූමිකාවට ද රැගෙන ආ සුවිශේෂී පුද්ගලයෙක්, විලාසිතා ව්‍යවසායකයකු සහ පුරෝගාමී රූපලාවණ්‍ය නිර්මාතෘවරයකු ද වේ. මොවුන්ගේ කතාබහ තුළින් ඔබ විසින්ම සෞඛ්‍ය සම්පන්න බව යන්න හඳුනාගත හැකි ආකාරය පිළිබඳව සහ තිරසාර යහපැවැත්මක් ළඟා කර ගත හැකි ආකාරය පහදා දෙනු ලබයි.
‘Rethink Healthy’ පොඩ්කාස්ට් මාලාව විවිධ මාධ්‍යවල විවිධ ආකෘති මත ඉදිරිපත් කරන අතර අලංකාර දැන්වීම් පුවරු සහ සමාජ මාධ්‍ය හරහා සතිපතා මෙහෙයවන පොඩ්කාස්ට් පිළිබඳ දැනුවත්භාවය ඇති කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
AIA ඉන්ෂුවරන්ස් ‘Rethink Healthy’ වැඩසටහනෙන් සෞඛ්‍ය සම්පන්නභාවයට නව අරුතක්