(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම ගොඩනැගිල්ල ඉදිරිකර අවසන් කිරීමට නියමිතය.
ක්‍රිකට් පිති හතරක සහ පන්දුවක හැඩයෙන් යුතුව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකෙරෙන මහල් 69 කින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා විල්ස් රියැලිටර්ස් සමාගම ඩොලර් මිලියන 150 ක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.
ගොඩනැගිල්ල තුළ අති සුඛෝපබෝගි නිවාස පද්ධතියක්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කෞතුකාගාරයක්, ක්‍රිකට් සැමරුම් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක්, සිනමාශාලා, ශ්‍රවණාගාර, උත්සවශාලා, ගෘහස්ථ ක්‍රීඩාංගණ, සාප්පු, ආපනශාලා සහ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන ඉහළ තළයේ පහසුකම් ඇතුළත් වන බව ඉදිකිරීමේ සමාගම පවසයි.
මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු ලෙස 96 ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක අර්ජුන අරණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයෝ කටයුතු කරති. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම වෙනුවෙන් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් 11 දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ ලෝක ශූර පිලේ නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 500 ක මුදලක් ලැබීමට නියමිත බවයි. වර්තමාන වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“අපි ඉදිකිරීම් සමාගමෙන් ලක්‍ෂ 500 කට වැඩි මුදලක් ඉල්ලා තිබෙනවා. මම හිතනවා ලක්‍ෂ 500 ක් ලැබෙයි. ඊට වඩා වැඩි මුදලක් අපි බලාපොරොත්තු වෙනවා”
“1996 ට පෙර ක්‍රීඩකයන් නොසිටියේ නම් අපිට 96 වසරේ ලෝක කුසලානය දිනන්න බෑ. ලෝක කුසලානයක් අපිට හීනයක් පමණක් වෙනවා. හිටපු ඇතැම් ක්‍රීඩකයන් ආර්ථික දුෂ්කරතාවලට පත්ව සිටිනවා. ඒ නිසා අපි මීට වසර හතරකට පමණ පෙර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කරලා එකඟ වුණා”


COMMENTS
මේ අදහස් කරන්නේ ආයේ කවදාවත් අපිට ක්‍රිකට් ලෝක කුසලානයක් නොදිනන බවද?
බොරු වැඩ. එක ලෝක කුසලානෙකට මෙහෙම නම් ඔස්ට්‍රේලියාව කොහොම සමරන්න ඕනෙද.
හොද වැඩක්. ඒ උනත් නැවත ලෝක කුසලානය දිනන්න සුදුසු වැඩ පිළිවලක් තමා වඩා වැදගත්.
පරණ ඒවා සමර සමර ඉන්නේ නැතුව අලුත් ජයග්‍රහණයක් ලබන්න වැඩ කලොත් ඊට හොඳ නැද්ද?
මගේ සිහිනයක් තවත් අයුරකින් ඉටූවීම සතුටක්. ලෝකයේ පලමු පෙලේ ඡයග්‍රහනයක් ලබා ගත් ක්‍රිඩාව ක්‍රිකට්. එහෙත් එය සැමරීමට ස්ථානයක් නොමැති වීම ලොකු අඩුපාඩුවක්.
මේක පුද්ගලික අංශයේ ආයෝජනයක් නේ... රටට රස්සා, රටේ අයට ගෙවල් ලැබෙන නිසා හොදයි..
හා!හා! අර්ජුන හිතාගන ඇති ජනතාව මෝඩයෝ කියල. කට්ටිය එකතුවෙලා සුපිරි ආයෝජනයක් කරන්නේ, පුලුවන්නම් අංග සම්පුර්ණ ගම්මානයක් හදල [ගෙවල්.පිට්ටනියක්, පාසලක් යනාදිය ] 96 ලෝක කණ්ඩායම දාන්න. අබ සරනයි ශ්‍රී ලංකා !!!!
කොහෙන්ද සල්ලි ලැබෙන්නෙ ? මොකක්ද රටට වෙන සෙත ? ක්‍රීඩකයන්ට ලැබෙන සෙත මොකක්ද ? කව්ද අසරණ වෙච්ච ක්‍රීඩකයෝ ? අපැහැදිලි තැන් ගොඩයී.
පසුගිය ජයග්‍රහනය සැමරීමට නොවෙයි දැන් අවශ්‍ය, මීළඟ ලෝක කුසලානය දිනා ගැනීම ක්‍රමවත්ව සැළසුම් කිරීමයි. පසුගිය කාලෙ ඉදිකළ ගොඩනැඟිලිත් දැනට නිකරුනේ තියෙද්දි තවත් මේ වගේ ගොඩනැඟිලි ඉදි කරන්නෙ කවර අරමුණකට ද ?
වාස්තු විද්‍යාත්මකව මෙලෝ රහක් නැහැ
මේ අර්ජුන රණතුංග මහත්තයම නේද ලෝකේ තියෙන උසම නත්තල් ගහක් හදන්න කියල ගිහින් එකෙන් බාගයක් හදල පස්ස බිම ඇන ගත්තෙත් ? මේ ගොඩනැගිල්ලටත් එහෙම වෙයිදෝ ????
එදා ලෝක කුසලානය බෙනාසීර් භූතෝ මැතිනියගේ අතින් ලබාගත් මොහෙතේ අපේ ජාතික ගීයාවත් එදා ගායනා කලේ නෑ. මේවා කීදෙනෙක්ට මතකද දන්නෙත් නෑ.
ක්‍රිකට් ජයග්‍රහණයක් සමරන බිල්ඩිමක් බැට් සහ බෝල වගේ වෙනවනම්, උපතක් සමරන බිල්ඩිමක් ගැන හිතනකොට ලැජ්ජත් හිතෙනවා. මෙහෙම විකාර වැඩ කර ලංකාව සිනාවට ලක් නොකර පළපුරුදු වාස්තු විද්‍යාඥයෙක් ගෙන් උපදෙස් ලබාගන්න එක වඩා සුදුසුයි නේද?
මේ රටේ වැසිකිලියක් නැති පවුල් 1500 ක් විතර තවමත් ඉන්නවා.
ඔය සල්ලි වලින් අර රට බේරගත්ත අහිංසක රණවිරු පවුල් කීයකට උදවු කරන්න පුලුවන්ද
අපි හැමදාමත් කරන්නේ මීහරක් වැඩ . මීට වඩා හොදයි දුප්පත් ඉස්කෝලෙකට බිල්ඩිමක් හදල දුන්නනම්. අපේ ජාතික ආහාරය පුන්නක්කු නොවීම පුදුමයක්.
ඕක කලිනුත් පටන් ගත්ත, රාජගිරියේ බුත්ගමුව පාරේ HSBC එක එහා පැත්තේ තියෙන ඉඩමේ
අපරාදෙ සල්ලි... තව ලෝක කුසලානයක් දිනා ගන්න වැඩ පිලිවෙළක් හැදුවා නම් නරකද? ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන 5 ක් දිනලත් මේ වගේ සැමරුම් කරන්නේ නැහැ.
ස්මාරකයක් හැදීම හොඳ වැඩක් නමුත් විශාල ගොඩනැගිල්ලක්ම විය යුතු නෑ නේද ? මේ වෙලාවේ 96 වීරයෝ පෙළගැහිලා මේ ගොඩ නැගිලි වෙනුවට පාසලක් හෝ වැනි දෙයක් හැදුවනම් හොඳයි, එහෙම නැත්තම් මේ ගොඩ නැගිල්ල හදල කෘෂිකර්ම අමත්‍යන්සයට නිකන් දෙන්න, දැනට ඒගොල්ලෝ කෝටි ගානක් මාසෙකට නිකන් වියදම් කරනවා කාර්යාල නැති ගොඩනැගිල්ලකට බදු ගෙවමින්
මෙතන ප්‍රතිචාර දක්වන අය හිතාගෙන ඉන්නේ මේක ආණ්ඩුවේ සල්ලි වලින් කරනවා කියල උඩ ප්‍රවුර්තිය හරියට කියවා කොමෙන්ට් කරානම් නේද හොද
හොද වැඩක්. හැබැයි 2011 ලෝක කුසලානය වෙනුවෙන් ඛෙත්තාරාමය සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගන හදපු මුදල් තවම ඉංජිෙන්රු සංස්ථාවට ගෙවලා ඉවර නෑ. ඒ්ක දීල හිටියොත් නරකද
ඩොලර් මිලියන 150 ක් ව්‍යාපෘතියකින් ලක්ෂ 500 ද එන්නේ. මේක පට්ට හොර වැඩක්. Cricket වලට හැංගිලා සල්ලි ගහන වැඩක්.
මේක ක්‍රිකට් වලට ආදරේට කරන වැඩක්නම් නෙවෙයි