IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


5 ජී ආරම්භ කරන පළමු රට දකුණු කොරියාව

දකුණු කොරියාව පස්වැනි පරම්පරාව හෙවත් 5ජී (5G) තාක්ෂණය නිල වශයෙන් වාණිජ මට්ටමින් ආරම්භ කරන පළමු රට බවට පත්වීමට නියමිතය.

දකුණු කොරියාව සිකුරාදා (5) සැම්සුන්ග් සමාගමට අයත් නව ස්මාර්ට් ජංගම දුරකතනයක් වන ‘ගැලැක්සි එස් 10’ ජංගම දුරකතනය ඔස්සේ 5ජී (5G) තාක්ෂණය වාණිජ මට්ටමින් ලෝකයට බෙදා හැරීමට නියමිතය.

ස්මාර්ට් ජංගම දුරකතනය භාවිතය අතින් ලොව ඉහළින්ම සිටින රටක් වන දකුණු කොරියාව 5ජී (5G) තාක්ෂණය වෙළෙඳපොළට හඳුන්වා දීමේ තරගයක නිරත වී සිටී. චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය දකුණු කොරියාවේ ප්‍රතිවාදීන් ය.

මෙම නව තාක්ෂණය ස්මාර්ට් නගර, ස්වයංපාලක මෝටර් රථ යන ක්ෂේත්‍ර පෙරළියක් ඇති කරනු ඇති අතර ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට ද උපකාරී වනු ඇත. දකුණු කොරියාව පසුගිය වසරේදී වසර හයකට පසු පහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කළේය. එබැවින් දකුණු කොරියාව සිය ආර්ථිකය වර්ධනය කරගැනීම උදෙසා මෙම තාක්ෂණය මත බලාපොරොත්තු තබා ඇත.

“දකුණු කොරියාවේ විදුලි සංදේශ සමාගමක් දකුණු කොරියාවේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරන සේවා සහ ජාල සැපයීම ඉතා අර්ථාන්විතයි වගේම ඉතාම වැදගත්. ජනතාව වේගය සහ ගුණාත්මකභාවය බලාපොරොත්තු වෙනවා. සමාගම් එය සැපයීමට සමත් වී තිබෙනවා” යැයි දකුණු කොරියාවේ ඉහළ පෙළේ ජංගම දුරකතන සමාගමක් ‘එස්.කේ. ටෙලිකොම්’ සමාගමේ විධායක උප සභාපති රයියු යන්ග් සැන්ග් පැවැසීය.

5ජී (5G) තාක්ෂණය පරිගණක සහ ජංගම දුරකතන ක්‍රීඩා ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කරනු ඇතැයි ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ ක්‍රීඩාවල නිරත වීම ඉතාම පහසු කරනු ඇතැයි ද රයියු කීවේය.

5ජී (5G) තාක්ෂණයට 4ජී (4G) ‘ලෝන්ග් ටර්ම් ඉවලූෂන් (long-term evolution  - එල්.ටී.ඊ) තාක්ෂණයට වඩා 20 ගුණයක් වේගයෙන් දත්ත ලබාදිය හැකිය. එමෙන්ම නව තාක්ෂණය කෘතීම බුද්ධිය (ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්) සහ වර්චුවල් රියලිටි (virtual reality) තාක්ෂණයට පෙරට වඩා බෙහෙවින් උපකාරී වනු ඇතැයි ද පැවසේ.

ඇතැම් විට නව තාක්ෂණය සිය ගුණයක වේගයෙන් අන්තර්ජාල පහසුකම් සපයනු ඇතැයි ද වාර්තා වේ.

දකුණු කොරියානු සමාගම් 5ජී (5G) තාක්ෂණය ලොවට හඳුන්වා දීමට, ප්‍රවර්ධනයට, ප්‍රචාරණයට සහ අලෙවිකරණ කටයුතුවලට බිලියන ගණනින් මුදල් වියදම් කළේය. එස්.කේ. ටෙලිකොම් සමාගම 5ජී (5G) තාක්ෂණයේ පළමු පාරිභෝගිකයන් ලෙස ඔලිම්පික් රන් පදක්කම් ලාභියකු සහ එරට ජනප්‍රිය ‘කේ-පොප් ස්ටාර්ස්’ තරු ජයග්‍රහකයන් පිරිසක් තෝරාගෙන තිබිණි.

මේ වසර අවසන් වනවිට 5ජී (5G) තාක්ෂණයේ පාරිභෝගිකයන් සංඛ්‍යාව බිලියනයක් වනු ඇතැයි එස්.කේ. සමාගම අපේක්ෂා කරන අතර දැනට එම තාක්ෂණය භාවිත කරන පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව මිලියන 27කි.

රොයිටර් ඇසුරිනි 

055

 



අදහස් (2)

5 ජී ආරම්භ කරන පළමු රට දකුණු කොරියාව

sarattj Thursday, 04 April 2019 03:39 AM

හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ ...නොහැදෙන ගහ හැමපැත්තෙන්ම පෙනේ ......... අපේ අයටනම් තියෙන්නේ කවද්ද විල්පත්තුව කපල ඉවර කරන්නේ .කවද්ද නකල්ස් වල ගස් ටික කපල ඉවර කරගන්නේ.කවද්ද ආණ්ඩුවේ දෙයක් විකුණලා මිලියන ගානක පගාවක් ගන්නේ වැනි සංකල්ප ......................

:       0       45

waduge Monday, 08 April 2019 01:19 PM

කටාර්වල අපි 5G පාවිච්චි කරන්නේ 2018ටත් කලින්නේ...

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site