
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයන- කරුවන්ට ජනාධිපතිතුමන් විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ජනාධිපති අපනයන සම්මානයයි. මෙම සම්මාන ප්‍රදානයෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගැයීමයි.
27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, අපනයනකරුවන් ඇතුළු ආරාධිතයන් 1500 ක් පමණ සහභාගීවීමට නියමිතය.
2024/2025 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගැයීම සඳහා මෙවර සම්මාන උළෙල පැවැත්වේ. සමස්ත සම්මාන 15 ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 51 ක් සහිතව ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සම්මාන 66ක් පිරිනැමේ. තවද, අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය මෙන්ම ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල විසින් තීරණය කරනු ලබන පරිදි සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීම ද සිදු කෙරේ.
ආංශික සම්මාන තෝරා ගැනීම අපනයන ආදායම මත පමණක් නොව තවත් නිර්ණායක කිහිපයක් මත පදනම්ව ඇති අතර අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන ආදායමේ වර්ධනය, අපනයන ආදායම් ආපසු රටතුළට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම, අගය එකතු කිරීම වැනි දෑ සැලකිල්ලට භාජන විය.
මෙම කීර්තිමත් සම්මානය සඳහා අපනයන ප්‍රජාවගේ උද්යෝගය පෙන්නුම් කරමින් අයදුම්පත් විශාල සංඛ්‍යාවක් අපනයන සංවර්ධන මණ්ඩලය වෙත මෙවර ලැබී තිබිණි. අයදුම්පත්වල මූලික ඇගයීම තාක්ෂණික කමිටුව විසින් සිදු කරන ලද අතර සම්මානලාභින් තෝරා ගැනීම සිදුකරනු ලැබූයේ ශේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසිනි.. Ernst & Young (EY) 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උලෙළ සඳහා “දැනුම සහකරු” ලෙස කටයුතු කරනු ලබයි.
නව රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ශ්‍රි ලංකාවේ අපනයන පුළුල් කිරීම සඳහා නව උපාය මාර්ග ක්‍රියාත්මක කර ඇති අතර එමගින් ශ්‍රි ලංකාවේ අපනයන සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙළෙඳපොළ විවිධාංගීකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, නවෝත්පාදන, අගය එකතු කිරීම, දේශීය සන්නාම ලෝකයට හඳුන්වා දීම, අපනයනවල තිරසාර බව, කලාපීය අගයදාමයන්හි සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල අපනයනකරුවන් විසින් ගෙන ඇති මුලපිරීම් රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වැදගත් ලෙස සැලකේ.
ජනාධිපති අපනයන සම්මාන උළෙල මගින් ජයග්‍රහකයන්ට සම්මානයක්/ සමරු ඵලකයක් සහ සහතිකයක් පිරිනමන අතර ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිත කිරීමේ හැකියාව සම්මාන ලාභීන්ට හිමිවේ.
ශ්‍රී ලංකාවේ අපනයනය ප්‍රවර්ධනය දිරිමත් කිරීම සඳහා පැවැත්වෙන 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල සදහා මෙවර මහජන බැංකුව ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ද ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව රිදී අනුග්‍රහකයන් ලෙස ද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ අත්වැල් බැඳගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
428
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල දෙසැම්බර් 11 වැනිදා BMICH හිදී