
මෙම වසර අවසානය වනවිට වෙළෙඳපොළ වටිනාකම ඩො. මි. 780 ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂාවක්
ඉදිරි වසර 10 ක කාලයේදී සියයට 10.5 ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක්
විමුක්ති එස් රුද්‍රිගු
කඳු නැගීම සහ ස්වභාව සෞන්දර්යයෙන් පිරි මංපෙත්වල ඇවිදයාම වැනි එළිමහන් ක්‍රියාකාරකම් සපයන මෙරට ත්‍රාසජනක සංචාරක වෙළෙඳපොළෙහි වටිනාකම 2035 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1 දක්වා වර්ධනය වනු ඇතැයි ෆියුචර් මාර්කටින් ඉන්සයිට් වෙබ් අඩවිය පසුගියදා නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක් අනාවරණය කළේය.
මෙම වසර අවසානය වනවිට වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 780 ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන කඳු නැගීම සහ ස්වභාව සෞන්දර්ය පිරි මංපෙත්වල ඇවිදයාමේ සංචාරක වෙළෙඳපොළ ඉදිරි වසර 10 ක කාලයේදී සියයට 10.5 ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් අත්කර ගනු ඇතැයි එම වාර්තාව පුරෝකථනය කර ඇත.
ඒ අනුව 2035 වනවිට කඳු නැගීම සහ ස්වභාව සෞන්දර්ය පිරි මංපෙත්වල ඇවිදයාමේ සංචාරක වෙළෙඳපොළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1 ක වටිනාකමක් ගනු ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. පසුගිය වසරේ පළමු බාගයේදී කඳු නැගීම සහ ස්වභාව සෞන්දර්ය මැදින් ඇවිදයාමේ සංචාරක වෙළෙඳපොළ සියයට 9.8 ක සාමාන්‍ය වර්ධනයක් ළඟා කරගෙන තිබුණු අතර, එම වර්ධනය දෙවැනි බාගයේදී සියයට 10.2 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. බෙලිහුල් ඔය සිට හෝර්ටන් තැන්න දක්වා සංස්කෘතිය සහ පරිසරය දෙමුහුම්වූ මංපෙත්වල ඇවිදයාමට සංචාරකයන් තුළ ඇති කැමැත්ත ඉහළ යාම එම වර්ධනයට ප්‍රධාන හේතුවක් විය.
මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 715 ක වෙළෙඳපොළ වටිනාකමක් තිබෙන කඳු නැගීම සහ ස්වභාව සෞන්දර්ය පිරි මංපෙත්වල ඇවිදයාමේ සංචාරක කර්මාන්තයට සියයට 48 ක දායකත්වයක් ලැබෙන්නේ ආසියා ශාන්තිකර කලාපයේ රටවල්වලින් බවත්, ඒ අතර ඉන්දියාව, චීනය සහ සිංගප්පූරුව යන රටවල් පෙරමුණේ සිටින බවත් ෆියුචර් මාර්කටින් ඉන්සයිට් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර සංචාරකයන් අතර ප්‍රසිද්ධ මංපෙත් අතර නකල්ස් කඳුවැටිය, හෝර්ටන් තැන්න, සිංහරාජය සහ සමනළ කන්ද තිබෙන බවද ෆියුචර් මාර්කටින් ඉන්සයිට් වෙබ් අඩවිය පැවැසුවේය. කඳු නැගීම සහ ස්වභාව සෞන්දර්ය මැදින් ඇවිදයාමේ සංචාරක වෙළෙඳපොළ මෙරට රැකියා 28,000 ක් සඳහා සහාය ලබාදෙන බවත් පොටර්වරුන්, රේන්ජර්වරුන්, සංචාරකයන්ට නවාතැන් පහසුකම් ලබාදෙන්නන් සහ මාර්ගෝපදේශකයන් ඒ අතර සිටින බවත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
මෙම වසරේදී ස්වාභාවික මංපෙත්වල ඇවිදයාමට දේශීය සංචාරකයන් 160,000 ක් සහ විදේශීය සංචාරකයන් 610,000 ක් පැමිණෙනු ඇතැයි ෆියුචර් මාර්කටින් ඉන්සයිට් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත. එම පිරිස 2035 වසර වනවිට දේශීය සංචාරකයන් 250,000 දක්වාත්, විදේශික සංචාරකයන් ලක්ෂ 12 දක්වාත් වර්ධනය වනු ඇති එම වෙබ් අඩවිය පුරෝකථනය කළේය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2035 වන විට මෙරට ත්‍රාසජනක සංචාරක වෙළෙඳපොළේ වටිනාකම ඩො.බි.2.1ක්