අංජුල මහික වීරරත්න
2030 වසර වන විට සංචාරකයන් මිලියන 4ක කැඳවා ගනිමින් ඩොලර් බිලියන 8ක ආර්ථිකයකට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේදී පැවසීය.
ඒ සඳහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සංචාරක කර්මාන්තයට අවශ්‍ය පරිසරය සකස් කර දීම ආණ්ඩුව සිදු කරන බව ජනාධිපතිවරයා කීය.
ඒ සඳහා ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නැංවීම වැදගත් වන බවත් දැනටමත් ලංකාව ඉතා හොඳ සංචාරක ගමනාන්තයක් බවට වන වාර්තා පළවෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමග හමුවකට පෙරේදා (28) සහභාගී වෙමිනි. ටෝකියෝ Reiyukai ශාලාවේදී මෙම හමුව පැවැත්විණි.
රටට අවශ්‍ය ආයෝජන මේ වන විට ලැබෙමින් තිබෙන අතර රජය වැඩිපුර ආයෝජන කළ යුත්තේ මහාමාර්ග, විදුලිය, ජලය ආදී යටිතල පහසුකම් සංවර්ධනය සඳහා බව ජනාධිපතිවරයා කීය.
එහෙත් රටක ආර්ථික ක්‍රියාකාරකම් ගොඩනැගිය යුත්තේ පෞද්ගලික අංශය බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
රජය සතුව තේ වතු විශාල ප්‍රමාණයක් තිබෙන නමුත් ඒවායින් භූමියට සරිලන ලෙස ආදායම් උපයන්නේ නැතැයි ද ඒ නිසා වටිනාම සම්පත වූ භූමිය ඉතා හොඳින් කළමනාකරණය කරගත යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.
ඵලදායීතාවක් නැති සියලු ඉඩම් ලබා දෙන්නැයි වතු හිමි රාජ්‍ය සමාගම් වෙත දැනුම් දී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ඉඩම්වල ආයෝජනය කරන්නැයි ආරාධනා කරන බව පැවසීය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2030දී සංචාරකයන් ලක්ෂ 40ක ඉලක්කයක්