විමුක්ති එස් රුද්‍රිගු
ලබන වසරේ අයවැයට අනුව එළැඹෙන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 7,057 ක් බවත් ලබන වසරේ අයවැයෙන් රුපියල් බිලියන 5,300 ක මුදලක් ආදායම් සහ ප්‍රදානයන් ලෙස රජය උපයා ගැනීමට බලාපොරොත්තු වන බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
එහිදී ආදායම් සහ වියදම් අතර පරතරය පියවා ගැනීමට රුපියල් බිලියන 1,757 ක මූල්‍යකරණයක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් එම වෙබ් අඩවිය පැවැසුවේය.
රුපියල් බිලියන 7,057 ක රජයේ වියදමින් රුපියල් බිලියන 2,617 ක් ලබාගෙන ඇති ණය සඳහා පොලී ගෙවීම් බවත් තවත් රුපියල් බිලියන 1,369 වෙන් වන්නේ රාජ්‍ය ආයෝජන සහ වෙනත් කාණ්ඩයට බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
එසේම තවත් රුපියල් බිලියන 1,347 ක් මුදලක් සහන සහ මුදල් ලබාදීම් (සමාජ ආරක්ෂණය) කාණ්ඩය සඳහා වෙන්වී ඇති බවත් තවත් රුපියල් බිලියන 1,323 ක මුදලක් වැටුප් සහ වේතන කාණ්ඩය සඳහා වෙන්කර ඇති බවත් එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
අවසාන වශයෙන් රුපියල් බිලියන රුපියල් බිලියන 401 ක මුදලක් වෙනත් භාණ්ඩ හා සේවා වෙනුවෙන් වෙන්කර ඇති බවද පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පැවැසුවේය.
ලබන වසරේ අයවැයට අනුව රජය උපයා ගැනීමට බලාපරොත්තු වන රුපියල් බිලියන 5,300 ක අදායම් සහ ප්‍රදානයන්ගෙන් රුපියල් බිලියන 3,056 ක් භාණ්ඩ හා සේවා මත පනවන බදු මගින් උපයා ගැනීමට බලාපොරොත්තු වන බවත් තවත් රුපියල් බිලියන 1,210 ක මුදලක් ආදායම් බද්දෙන් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
එසේම තවත් රුපියල් බිලියන 644 ක මුදලක් බාහිර වෙළෙඳාම මත පැනවූ බදු මගින් උපයා ගැනීමට රජය අපේක්ෂා කර ඇති බවත් තවත් රුපියල් බිලියන 360 ක මුදලක් බදු නොවන ආදායම් මගින් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පැවැසුවේය.
අදායම සහ වියදම අතර පරතරය පියවා ගැනීමට රජය ලබා ගැනීමට බලාපොරොත්තු වන රුපියල් බිලියන 1,757 ක මුදලින් රුපියල් බිලියන 1,522 ක මුදලක් දේශීයව සපයා ගැනීමට රජය අපේක්ෂා කරන බවත් ඉතිරි රුපියල් බිලියන 235 ක මුදල විදේශ මූල්‍යකරණයෙන් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බවත් එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
ලබන වසරේ අයවැයෙන් වැඩිම මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට බවත් රුපියල් බිලියන 674 ක මුදලක් එම අමාත්‍යාංශයට වෙන්වී ඇති බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. ඉන් රුපියල් බිලියන 635 ක මුදලක් පැවැත එන වියදම් සඳහා වෙන්වී ඇති බවත් ඉතිරි රුපියල් බිලියන 39 ප්‍රාග්ධන වියදම් බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
දෙවැනි ස්ථානයට වැඩිම මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට බවත් රුපියල් බිලියන 607 ක මුදලක් ලබන වසරේ අයවැයෙන් මුදල් අමාත්‍යාංශය සඳහා ප්‍රතිපාදන ලෙස වෙන්වී ඇති බවත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය. ඉන් රුපියල් බිලියන 342 ක මුදලක් පැවැත එන වියදම් සඳහා වෙන්වී ඇති බවත් ඉතිරි රුපියල් බිලියන 265 ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්වී ඇති බවත් එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
තෙවැනි ස්ථානයට වැඩිම මුදලක් වෙන්වී ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට බවත් රුපියල් බිලියන 555 ක මුදලක් ලබන වසරේ අයවැයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වෙන්වී ඇති බවත් එම වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
ඉන් රුපියල් බිලියන 450 ක මුදලක් පැවැත එන වියදම් සඳහා වෙන්වී තිබෙන බවත් තවත් රුපියල් බිලියන 105 ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්වී ඇති බවත් පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය පැවැසුවේය.
2025 නොවැම්බර් මස 21
130
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1072
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2026 රජයේ වියදමින් රු . බිලියන 2,617 ක් ණය පොලී ගෙවීම්