IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


2025 ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගෞරව සම්මානයට පාත්‍රවේ

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම (SLIC) 2025 ජාතික සැපයුම්දාම විශිෂ්ටතා සම්මාන (National Supply Chain Excellence Awards) උළෙලේදී, ‘සේවා සැපයුම් කාණ්ඩය යටතේ හොඳම සැපයුම් භාවිතයන් පෙන්නුම් කළ ආයතනය‘ ලෙස ගෞරවනීය ඇගයුම් සම්මානයට පාත්‍ර විය. 
කර්මාන්ත අමාත්‍යාංශය සහ සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (Institute of Supply and Materials Management - ISMM) එක්ව සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි, මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පසුගියදා වර්ණවත් අයුරින් පැවැත්විණි.
විනිවිදභාවය, අනුකූලතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සඳහා දක්වන ලද අඛන්ඩ කැපවීම, ප්‍රසම්පාදන කළමනාකරණයේදී SLICහි ආදර්ශමත් වූ කාර්ය සාධනය, මෙම ගෞරව සම්මානය ලබාගැනීමෙන් මැනවින් පිළිබිඹු වේ. නිර්දේශිත වූ ආයතන 24 ක් අතරින් තෝරා ගන්නා ලද SLIC හි ප්‍රසම්පාදන අංශය, එහි ශක්තිමත් පාලන රාමුව සහ ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලවීම, එහි සැපයුම්දාමය පුරා වගකීම් සහිත හා තිරසර භාවිතය සහතික කිරීමෙන් පැසසුමට ලක් කෙරිණි.
මෙම සම්මාන උළෙල, 2025 ජාතික සැපයුම්දාම දිනය සැමරීමේ උත්සවයට සමගාමීව ක්‍රියාත්මක වූ අතර, එය උදෑසන සම්මන්ත්‍රණයකින්  සහ ඇගයුම් සම්මාන ප්‍රදානෝත්සවයක් ඇතුළු පුළුල් වැඩසටහනකින් සමන්විත විය. ISMM විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන හරහා නිෂ්පාදන, සේවා සහ වෙළෙඳ ක්ෂේත්‍රයේ පවතින විශිෂ්ට ක්‍රියාදාම අගය කරමින්, අති විශාල, විශාල, මධ්‍යම සහ කුඩා ව්‍යවසාය කාණ්ඩ යටතේ සම්මාන ප්‍රධානය කරන ලදී.



අදහස් (0)

2025 ජාතික සැපයුම් දාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගෞරව සම්මානයට පාත්‍රවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 114 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site