ශ්රී ලාංකික ජනතාව උදෙසා කාගිල්ස් ෆුඩ් සිටි හි කැපවීම අගයමින්, 2025 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේදී වසරේ සුපිරි වෙළෙඳසැල් සන්නාමය ලෙස කාගිල්ස් ෆුඞ් සිටි මෙවර පිදුම් ලැබුවේ අඛණ්ඩව සිව්වන වරටයි.
1983 දී කොළඹ ස්ටේපල් වීදියේ සිය පළමු අලෙවිසැල විවෘත කළ කාගිල්ස් ෆුඩ් සිටි අද රටේ විශාලතම සහ පාරිභෝගිකයන්ට පහසුවෙන්ම ළඟා විය හැකි සුපිරි වෙළෙඳසල් ජාලය බවට වර්ධනය වී ඇත. පාරිභෝගිකයන්ට උපරිම වටිනාකමක් ලබාදෙමින් සහ කිසිදු බාධාවකින් තොරව භාණ්ඩ ලබාගැනීමේ පහසුව සපයන සන්නාමයක් ලෙස ප්‍රසිද්ධ කාගිල්ස් ෆුඩ් සිටි මේ වන විට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි රට පුරා වෙළෙඳසල් 540 කට වැඩි ගණනක් පවත්වාගෙන යයි. එමෙන්ම පාරිභෝගිකයන්ට නැවුම්ම නිෂ්පාදන ලබාදීම සඳහා නවතම තාක්ෂණය සහ විශේෂඥතාව යොදා ගනිමින් කාගිල්ස් ෆුඩ් සිටි පැය 24 පුරාම උෂ්ණත්වය පාලනය කරන අති නවීන සැපයුම් සහ බෙදාහැරීමේ ජාලයක් ක්‍රියාත්මක කරයි.
කාගිල්ස් ෆුඩ් සිටි ශ්‍රී ලංකාව පුරා පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට භාණ්ඩ ලබා දීම සඳහා භාණ්ඩ පිරිවැය අඩු කිරීමට නිරන්තරව කටයුතු කර ඇත. පුළුල්ව වර්ධනය වන කාගිල්ස් ෆුඩ් සිටි ශාඛා ජාලය දේශීය ගොවීන්ට සහ ව්‍යවසායකයන්ට තිරසාර වෙළෙඳපොළවල් නිර්මාණය කර ඇත. එමෙන්ම කෘෂිකාර්මික අංශ නගාසිටුවමින් ඔවුන්ට වෙළෙඳපොළක් නිර්මාණය කර දීම මෙන්ම කුඩා ගොවීන්ට අත්‍යවශ්‍ය යෙදවුම් සහ තාක්ෂණික විශේෂඥතාව ලබා දීම හරහා ග්‍රාමීය ආදායම් සහ ජීවනෝපාය ඉහළ නැංවීමට ද කාගිල්ස් විශාල දායකත්වයක් ලබා දී ඇත.
තවද, කාගිල්ස් ෆුඩ් සිටි ග්‍රාමීය තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා සපයන ආයතනයක් වන අතර එහි ශ්‍රම බලකායෙන් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 30 ට අඩු අය ආහාර කර්මාන්තයේ තරුණ වෘත්තිකයන් සංවර්ධනය කිරීම සඳහා කැප වූ අභ්‍යන්තර පුහුණු ආයතනයක් ද ඔවුන් පිහිටුවා ඇති අතර එහි කණ්ඩායම් සාමාජිකයන්ට වටිනා ඉගෙනුම් සහ සංවර්ධන අවස්ථා නිර්මාණය කර දී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ වසරේ සුපිරි වෙෙළඳසල් සන්නාමය කාගිල්ස් ෆුඩ් සිටි