IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


2025 ICRT ගෝලීය වගකීම් සංචාරක සම්මාන උළෙලේදී හෙරිටන්ස් කණ්ඩලම සම්මානයෙන් පිදුම් ලබයි

නැවත වතාවක් ලංකාවේ ආගන්තුක සත්කාරක කර්මාන්තයට ආඩම්බරයක් ගෙනදෙමින් වගකීම්සහගත සංචාරක සේවයක් සඳහා වන ජාත්‍යන්තර මධස්ථානය  (ICRT)  විසින් සංවිධානය කරනු ලබන 2025 ගෝලීය වගකීම් සංචාරක සම්මාන උලෙළෙහිදී ලෝක මට්ටමේ වේදිකාවක හෙරිටන්ස් කණ්ඩලමHeritance Kandalama) හෝටලය සම්මානිත වෙයි. 
මේ වසරේ සම්මානයක් හිමිකරගත් එකම ශ්‍රී ලාංකික හෝටලය ලෙස මෙම සුවිශේෂී පරිශ්‍රය තිරසාර සහ වගකීම් සහගත සංචාරය සඳහා පුරෝගාමී දායකත්වය සපයන ලොව පුරා කීර්තිමත් සංවිධාන එකතු වෙමින් නිර්මාණය කළ ගෝලීය වගකීම් සංචාරක සම්මාන උලෙළෙහිදී දේශගුණයට අනුවර්තනය වීම සහ ඔරොත්තු දීමේ හැකියාව මත රිදී සම්මානයෙන් පිදුම් ලැබිය. 
සේබර් ආයතනයේ අනුග්‍රාහකත්වය යටතේ පවත්වනු ලැබූ ගෝලීය වගකීම් සම්මාන උළෙල, වර්තමානයේ සංචාරක අභියෝග මැනිය හැකි, නවෝත්පාදනය කළ හැකි සහ පරිමාණය කළ හැකි විසඳුම් පෙන්වන ගමනාන්ත සහ ව්‍යාපාරවලට ගෞරවය පිරිනමයි. මෙහි ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ අප්‍රිකාව, ලතින් ඇමරිකාව, යුරෝපය, ගිනිකොන දිග ආසියාව සහ ඉන්දියානු උප මහද්වීපය යන හොඳම ගොලීය භාවිතාවන්ගෙන් යුතු කලාපවල රන් සම්මානය හිමිකරගත් ආයතන මගිනි. 
විනිශ්චය මණ්ඩලයේ සභාපති සහ  ICRT Global  හි නිර්මාතෘ, සම්මානිත මහාචාර්ය හැරල්ඞ් ගුඩ්වින් මෙසේ පැවසීය. “වගකීම්සහගත සංචාරක ව්‍යාපාරය කියන්නෙ මිනිසුන්ට ජීවත් වීමට සහ සංචාරය කිරීමට වඩා හොඳ ස්ථාන නිර්මාණය කිරීමයි. 2022 වගකීම්සහගත සංචාරක ප්‍රඥප්තියෙන් පැහැදිලි කරන විදියට ව්‍යාපාර සහ ගමනාන්ත කළමනාකරුවන්ට වගකීම භාර ගත හැකි විවිධාකාරයේ ක්‍රම තියෙනවා. සංවිධාන කරුණු සමග බලපෑම් ප්‍රකාශයකට සහාය දැක්වීම අතිශය වැදගත් වේ. අපගේ අංශය තවමත් අධික ලෙස හිමිකම් පෑම්වලින් පීඩා විඳිනවා. ජාතික සහ යුරෝපා සංගමය ලෙස නොසැලකිලිමත් ලෙස සේවා විකිණීමේ රෙගුලාසි කාලයත් සමඟ අඩු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ගෝලීය වගකීම්සහගත සංචාරක සම්මානලාභීන් සියලු‍ දෙනාම වගකීම භාරගත් ආකාරය, ඔවුන් ඒ සඳහා කළ දේ සහ ඉන් කුමන බලපෑමක් සිදුවීද යන්න තීරණය කළ ආකාරය පැහැදිලි කරලා තියෙනවා. ඒ සැමට සුබ පැතුම් සහ ඔවුන්ගේ අඩිපාරේ යාමට ඔවුන් අනෙකුත් සංවිධානවලට පෙළඹවීමක් ලබා දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” 
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එයිට්කින් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් පීඑල්සී  (Aitken Spence Hotel Holdings PLC)  හි සභාපතිනි ස්ටෂානි ජයවර්ධන මෙසේ පැවසුවාය. “මෙම ජයග්‍රහණය අපේ තිරසාර ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. පුනර්ජනනීය, ඔරොත්තු දීමේ හැකියාව, වගකීම් සහගත ආගන්තුක සත්කාරක සේවයක් ඇති ලෝකයේ සිටින ප්‍රමුඛ පෙළේ ශූරයන් අතර අපගේ ස්ථානය අපි මෙමඟින් නැවත තහවුරු කරලා තියෙනවා.” 
දේශමාන්‍ය ජෙෆ්රි බාවාගේ සංකල්පයකට අනුව නිර්මාණය වුණ හෙරිටන්ස් කණ්ඩලම නිවර්තන නූතනත්වයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස එහි භූ දර්ශනය සමගින් සංහිඳියාවෙන් විරාජමානව පවතියි. ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ සුවිශේෂි එක් අන්තයක් වන දඹුල්ල කේන්ද්‍ර කරගෙන කඳු යායකින් වටව, කණ්ඩලම වැවට ඉහළින් පිහිටා ඇති මෙම පරිශ්‍රය දිගු කාලයක සිට වාස්තු විද්‍යාව, සොබාදහම සහ තිරසාරභාවය අතර බලවත් සමතුලිතතාවක් මූර්තිමත් කර ඇත. 
1996 සිට මෙම හෝටලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ සහතික ලත් පාරිසරික කළමනාකරණ පද්ධතිය (ISO 14001)  වේ. එය ගෝලීය තිරසාර සංචාරක කවුන්සිලය  (GSTC)  විසින් පිළිගත් Travelife රන් සහතික ලත් ගමනාන්තයකි. 



අදහස් (0)

2025 ICRT ගෝලීය වගකීම් සංචාරක සම්මාන උළෙලේදී හෙරිටන්ස් කණ්ඩලම සම්මානයෙන් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 233 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site