IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


2025 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී සංචාරක ක්ෂේත්‍රය නංවන්න ගවේෂණාත්මක සැසියක්

විමුක්ති එස්. රුද්‍රිගු

“වර්ධනයට පිවිසුමක් : ආසියාවේ නැගී සිටීමට අවස්ථාවක්”‍ යන තේමාව යටතේ එළැඹෙන දෙසැම්බර් 2 සහ 3 කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ පළමු දිනයේ පවත්වන ප්‍රධාන සැසි අතරට මෙරට සංචාරක ක්ෂේත්‍රය හැකි උපරිම ආකාරයෙන් වර්ධනය කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව ගවේෂණාත්මක සැසියක්ද ඇතුළත් වනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළේය.

අවසානයේදී ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ හැක්කේ කෙසේද යන තේමාව යටතේ සැසිය පැවැත්වෙනු ඇති බවත් එහි විද්වත් මණ්ඩලයට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපතිනි කාමන් මොරෙනෝ, සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩ්‍රීම්ස්හි ප්‍රධාන විධායක නිලධාරී සංජීව් හුළුගල්ල, ආසියාවේ ඉන්ට්‍රෙපිඩ් ට්‍රැවල් හි කළමනාකාර අධ්‍යක්ෂිකා නටාලි කිඩ්, බුකින්.කොම් වෙබ් අඩවියේ මෙරට කළමනාකරු සන්තෝෂ් කුමාර්, ශ්‍රී ලංකාවේ පෙකෝ ට්‍රේල්හි නිර්මාතෘ මිගෙල් කුනාට්, රේණුකා හොටෙල්ස්හි සම කළමනාකාර අධ්‍යක්ෂිකා ශිබානි තම්බියා යන මහත්ම මහත්මීන් අයත් වන බව ලංකා වාණිජ මණ්ඩලය පැවැසුවේය.

 



අදහස් (0)

2025 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී සංචාරක ක්ෂේත්‍රය නංවන්න ගවේෂණාත්මක සැසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31168 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13315 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10957 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 59 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site