සමූහය ලැබූ විනිමය ලාබයේ අඩුවීම රු.බි. 7.92 ක අලාබයට හේතුව බව පවසයි
ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගියදා නිකුත් කළ සිය 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරිමට එම සමාගම පසුගියදා කටයුතු කළේය. එම මූල්‍ය වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබඳව අවධානය යොමු කරමින් එම පැහැදිලි කිරිම සිදු කරන බව ගුවන් සමාගම පවසයි.
ඒ අනුව 2023/24 මූල්‍ය වර්ෂයේදී වාර්තා කළ රුපියල් මිලියන 7,925 ක ලාබයට සාපේක්ෂව 2024/25 මූල්‍ය වර්ෂයේදී සිය සමූහය රුපියල් මිලියන 2,735ක අලාබයක් වාර්තා කළ බව සමාගම පවසයි. එහෙත් මෙම වෙනස වාර්තා වී ඇත්තේ 2024/25 මූල්‍ය වර්ෂයේදී සිදු වූ විනිමය ලාබය රුපියල් මිලියන 3,925ක් දක්වා අඩුවීම බවත්, පෙර මූල්‍ය වර්ෂයේදී මෙම විනිමය ලාබය රුපියල් මිලියන 26,717ක් වූ බවත් සමාගම සඳහන් කරයි.
මෙහිදී එම විනිමය ලාබය සඳහා විදේශ මුදල් වටිනාකම්වලින් පවතින පොලී ගෙවිය යුතු ණය යළි ඇගයිමක් සිදු කිරිම හේතුවක් වූ බවත්, ඒ අනුව රුපියලේ වටිනාකම ඉහළ යෑම ලාබයේ ඉහළ යෑමක් ලෙස සටහන්වූ බවත් සමාගම පවසයි. එසේම මෙම විනිමය ලාබය ඉවත් කර බැලීමේදී සමූහය 2024/25 වසර සඳහා ලැබූ අලාබය රුපියල් මිලියන 6,660 ක් වන බවත්, එය 2023/24 මූල්‍ය වර්ෂයේදී මෙම විනිමය ලාබයට ගණන් බැලීමට පෙරාතුව පැවැති අගයන් අනුව රුපියල් මිලියන 18,792 ක අලාබයක් වන බවත් සමාගම වැඩිදුරටත් මෙම පැහැදිලි කිරිම තුළ සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
358
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2024/25 ශ්‍රීලංකන් ලාබය අඩුවුණේ විනිමය ලාබය අඩුවීමෙන්