චාරුමිණි ද සිල්වා
මෙරට සමස්ත රජය ආදායම පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 4.14 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය 2023 වසරට සාපේක්ෂව සියයට 22.7 ක ඉහළ යාමක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ විශේෂ වියදම් ඒකකවල රජයේ ආදායම් සහ වියදම් දක්වා ඇති සිව්වැනි කාර්තුවේ මූල්‍ය වාර්තාව 2024 වසර අයවැය සමග අනුකූල දැයි සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩලය එම මූල්‍ය වාර්තාව සමාලෝචනයට ලක්කළ බවද කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසුවේය.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53(1) වගන්තියට අනුව, කාර්තුවක් අවසානයේ දින 45කට නොඅඩු කාලයක් තුළ රාජ්‍ය ආදායම සහ වියදම් ඇතුළුව රජයේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශයක් අමාත්‍ය මණ්ඩලය වෙත මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යුතු අතර එය අවම වශයෙන් කාර්තුමය පදනම මත සිදුවිය යුතුය.
ඒ අනුව,පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ කාලසීමාව ආවරණය වන පරිදි 2024 සඳහා වන සිව්වැනි කාර්තුවේ වාර්තාව එහි අවසන් දිනය වන හෙට(14)ට පෙර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. නව මූල්‍ය ප්‍රතිපත්තියේ කාර්යක්ෂමතාව සහ කඩාවැටුණු මෙරට ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ගත් ක්‍රියාමාර්ගවල ඵලදායිතාව පසුගිය වසරේ රජයේ ආදායම ඉහළ යෑමෙන් පිළිබිඹු වේ.
කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන ආර්ථික වැඩසටහන යටතේ මෙරට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙන බැවින් රජයේ වියදම් පාලනය සමඟ ආදායම් වර්ධනය සමතුලිත කිරීමේ අභියෝගයට රජය මුහුණදී සිටී.
2025 දෙසැම්බර් මස 04
725
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2024 සමස්ත ආදායම රු.ට්‍රිලියන 4.14 ක්