භානුක අමරසිංහ
2024 වසර අවසන් වන විට සේවක අර්ථ සාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 4,375.7ක් වූ බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය 2023 වසර අවසානයේදී වාර්තා කළ රුපියල් බිලියන 3,886.7ට සාපේක්ෂව සියයට 12.6ක වැඩිවීමකි.
මහ බැංකුව පසුගියදා නිකුත් කළ වාර්ෂික ආර්ථික විවරණය 2024 තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ. විශේෂයෙන්ම 2024 වසරේදී එම අරමුදල ආයෝජන කිරීමෙන් උපයන ලද ආදායම සහ ශුද්ධ දායක මුදල් ලැබීම් මෙම වර්ධනය සඳහා හේතු වී ඇතැයි මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව 2024 වසර තුළ අරමුදලේ සමස්ත ආයෝජන ආදායම රුපියල් බිලියන 513.8ක් වූ අතර, එය පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 481.1 හා සැසඳීමේදී සියයට 6.8ක වර්ධනයකි. එසේම පොලී ආදායම, අරමුදලේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් ලෙස 2023 වසරට සාපේක්ෂව සියයට 2.9ක වර්ධනයක් පෙන්නුම් කරමින් 2024 වසරෙදී රුපියල් බිලියන 442.4ක් රැස් කරගෙන තිබේ.
මීට අමතරව 2023 දී රුපියල් බිලියන 3ක් වූ ලාභාංශ ආදායම 2024 වසරේ රුපියල් බිලියන 5.5ක් දක්වා සියයට 82.9කින් ඉහළ ගොස් ඇත.
“ආයෝජන ආදායම වැඩිවීම හේතුවෙන් 2024දී අරමුදලේ බදු වියදමද රුපියල් බිලියන 64.1ක් දක්වා ඉහළ ගොස් තිබේ’’ මහ බැංකුව පවසයි.
මේ අතර 2024 වසර සඳහා වන මුළු දායක ලැබීම් රුපියල් බිලියන 234.4ක් දක්වා සියයට 11.3 කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් එම වසරේදී සාමාජිකයන්ට සහ ඔවුන්ගේ නෛතික උරුමක්කරුවන්ට ගෙවන ලද සමස්ත ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් බිලියන 188.1ක් දක්වා සියයට 12.9කින් අඩුවී තිබේ.
මීට සමගාමීව මෙම කාලය තුළ සාමාජිකයන් වෙත වූ මුළු වගකීම් රුපියල් බිලියන 4,289ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2023දී පැවැති රුපියල් බිලියන 3,817 හා සැසඳීමේදී සියයට 12.4ක වැඩවීමකි.
2024 වසර අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල සතු සමස්ත ගිණුම් සංඛ්‍යාව මිලියන 21.5 කි.
ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක
DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක
ලංකා බැංකුව 2025 අලුත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම
2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
2024 දී සේවක අර්ථසාධක අරමුදලේ ශුද්ධ වටිනාකම රු.බි. 4,375 ක්