විමුක්ති එස් රුද්‍රිගු
![]() |
මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත්, එය මෙරට ආර්ථිකය වසර හතකට පසු වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (08) ප්‍රකාශ කළේය.
මහ බැංකුවේ 2025 වසර සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රය පිළිබඳ මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු පරිශ්‍රයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව පුරෝකථනය කර ඇති බවත්, 2017 වසරින් පසුව වසරකදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූ ඉහළම ප්‍රතිශතය මෙය බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය. 2017 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.46 කින් වර්ධනය විය.
2023 වසරේ දෙවැනි බාගයේදී මෙරට ආර්ථිකය ධනාත්මක ගමනක් ආරම්භ කළ බවත් පසුගිය වසරේදී මෙරට ආර්ථිකය ශක්තිමත්ව යථා තත්වයට පත්වූ බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එයට අඩු උද්ධමන පරිසරය සහ මහ බැංකුව ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්තිය සහායක් වූ බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
පසුගිය වසරේ මුල් කාර්තු තුනේදී මෙරට ප්‍රධාන ආර්ථික අංශ වර්ධනයක් වාර්තා කරමින් සියයට 5.2 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ බවද ඔහු ප්‍රකාශ කළේය. පළමු කාර්තු තුනේ ගොඩ නගාගත් ආර්ථික ක්‍රියාකාරකම්වල ගම්‍යතාව අඛණ්ඩව සිව්වැනි කර්තුවතෙක් ඉදිරියට ගෙන ගොස් ඇති බව කර්මාන්ත සහ සේවා අංශවල ප්‍රමුඛ ආර්ථික දර්ශක පෙන්නුම් කරන බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2024 ආර්ථික වර්ධනය සියයට 5ක්