IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


2024 Effie’s සම්මාන උළෙලේදී ‘Atlas Max’ රනින් දිදුළයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමය වනAtlas හි ‘Atlas Max’ නව්‍යකරණ නිෂ්පාදනය පසුගියදා පැවති Effie’s සම්මාන උළෙලේදී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. පාසල් සිසුන්ගේ ලිවීමේ වේගය සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ‘Atlas Max’ නිෂ්පාදිතය සඳහා දියත් කළ ‘Write Fast with Atlas Max’ ව්‍යාපෘතිය, එම සම්මාන රාත්‍රියේ දී විශිෂ්ට ගණයේ මුලපිරීමක් වශයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය ද දිනා ගැනීමට සමත් වූයේ ය. 
සිසු දරුවන්ගේ ලිවීමේ වේගය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරමින් ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු පහසු කර ගැනීමේ කාර්යයේදී දී ඉටු කළ කාර්යභාර්ය වෙනුවෙන් ‘Education and Training’ කාණ්ඩය යටතේ රන් සම්මානයක් ද, තාරුණ්‍යයේ අවශ්‍යතාව මැනවින් හඳුනාගනිමින් එය නිර්මාණශීලී ලෙස සන්නිවේදනය කිරීම වෙනුවෙන් ‘Youth Marketing’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් ද හිමි කර ගැනීමට එහිදී ඇට්ලස් සන්නාමයට හැකි විය. 
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Atlas Axillia සමාගමේ අලෙවි ප්‍රධානී රන්දික ද සිල්වා මහතා මෙසේ පැවසීය. “ඇට්ලස් කියන්නේ පාසල් ළමයින්ගේ අධ්‍යාපනය සතුටින් හා පහසුවෙන් සිදු කරගෙන යාමට නිරන්තරයෙන් උපකාරී වන ප්‍රමුඛ පෙළේ සන්නාමයක් බව මෙම සම්මාන පුද ලැබීමෙන් යළිත් වරක් තහවුරු වුණා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමේ දී ‘Atlas Max’ නිෂ්පාදනය සැලකිය යුතු කාර්යභාර්යක් ඉටු කරන බවට අපට පැහැදිලිවම විශ්වාසයි. ඉතා කාර්යක්ෂම ලෙස තමන්ගේ ලිවීමේ කටයුතු සිදු කරගෙන යාමට පහසුවක් වන මෙවැනි නිෂ්පාදන නිසා ශ්‍රී ලාංකේය දරු පරපුරේ අඛණ්ඩ විශ්වාසය දිනූ සන්නාමයක් බවට පත් වීමට Atlas Axillia ආයතනයට හැකි වී තිබෙනවා”
මීට අමතරව, මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ Atlas Axillia සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු අශාන් වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙවැන්නකි. “පාසල් දරුවන්ගේ ඉගෙනුම් අත්දැකීම් වැඩි දියුණු කිරීම උදෙසා අප නිෂ්පාදනය කළ Atlas Max නිෂ්පාදිතයට සඳහා Effie’s සම්මාන උළෙලේ දී රන් හා ලෝකඩ සම්මාන ද්විත්වයක් හිමි වීම අපට මහත් ආඩම්බරයක්. Atlas Max ඵ්ං නිෂ්පාදනය, කාර්යක්ෂම මෙන්ම සුමට ලිවීමකට උපකාරී වන හොඳම සන්නාමයක් වශයෙන් ඇගයුමට ලක්වීමෙන් Atlas Axillia ආයතනයේ කැපවීම තවදුරටත් කැපී පෙනෙනවා. මතු පරපුරේ අනාගතය දීප්තිමත් කරලීම උදෙසා ඉදිරියටත් මෙවැනි විශිෂ්ට නිෂ්පාදන සමගින් ඔවුන් සවිබල ගැන්වීමට අප බලාපොරොත්තු වෙනවා”
පාසල් දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි ක්‍රමවේද නිර්මාණය කිරීමේ පරමාර්ථය පෙරදැරි කර ගත් Atlas සන්නාමය, ලාංකික සිසු දරුවන්ට අධ්‍යාපනික පිටුබලයක් සපයමින් කටයුතු කරයි. මෑතකදී ලද මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔස්සේ මෙරට සෑම දරුවකුගේම අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම උදෙසා ක්‍රියාත්මක වන Atlas Axillia සමාගමෙහි නොසැලෙන කැපවීම තවදුරටත් දිරි ගැන්වෙනු ඇත.



අදහස් (0)

2024 Effie’s සම්මාන උළෙලේදී ‘Atlas Max’ රනින් දිදුළයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site