IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


2024 කොළඹ කොටස් හුවමාරුවට වාර්තාගත වසරක් CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක

  • පසුගිය වසරේදී කොටස් හුවමාරැව හරහා රැපියල් බිලියන 175ක් රුස් කරගෙන 

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුව සඳහා 2024 වසර වාර්තාගත වසරක් වූ බව එහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි. 

විශේෂයෙන්ම පසුගිය වසරේදී පමණක් කොළඹ කොටස් හුවමාරුව හරහා රුපියල් බිලියන 175ක් රැස් කරගැනීමට හැකි වූ බව ඒ මහතා සඳහන් කරයි. 

කොළඹ කොටස් හුවමාරුව මගින් ලබන මාර්තු 27 සහ 28 කොළඹදී පවත්වන Invest Sri Lanka සමුළුව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව අනාවරණය කළේය. පසුගිය වසරේදී සිදුකළ මූලික මහජන කොටස් නිකුතු අවස්ථාවන් 4ක්, ණයකර නිකුතු 12ක් සහ හිමිකම් නිකුත් කිරීම් 18ක් කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු වුණු බව ඒ මහතා පවසා සිටියේය.  “මෙහිදී මහජන කොටස් නිකුත් කිරීම් හරහා රුපියල් බිලියන 2.8ක්, ණයකර නිකුත් හරහා රුපියල් බිලියන 94 ක්, හිමිකම් නිකුත් කිරීම් හරහා රුපියල් බිලියන 63ක්, ප්‍රයිවට් ප්ලේස්මන්ට් හරහා රුපියල් බිලියන 14 ක් ලෙස මෙලෙස බිලියන 175ක් රැස් කරගැනීමට සමත්ව තිබෙනවා.’’ 

මෙහිදී අනාවරණය කෙරුණු ආකාරයට 2023 වසරේදී කොළඹ කොටස් හුවමාරුව හරහා රැස් කර ගෙන ඇති සමස්ත අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 73 කි. 2022 දී එය රුපියල් බිලියන 44ක් වූ අතර, 2021 දී එය රුපියල් බිලියන 123ක් රැස් කරගෙන තිබේ.  

මේ අතර 2025 වසරේදී අලු‍තින් සමාගම් 15ත් 20ත් අතර සංඛ්‍යාවක් කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්තුගතවීමට සූදානමින් සිටින බවත්, එම සමාගම් මේ වනවිට ආයෝජන බැංකු සමගින් ඒ පිළිබඳව මූලික සාකච්ඡා සිදු කරමින් සිටින බවත් බණ්ඩාරනායක මහතා සඳහන් කළේය.  



අදහස් (0)

2024 කොළඹ කොටස් හුවමාරුවට වාර්තාගත වසරක් CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 608 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 515 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site