(හර්ෂණ තුෂාර සිල්වා)
2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (11) නිවේදනය කළේය.
ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතගේ ප්‍රධානත්වයෙන් මහ බැංකු පරිශ්‍රයේදී අද පැවැත්විණි.
මෙරට ජනතාව අතර කාසි සහ නෝට්ටු භාවිතය අවම කරමින් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද වෙත ජනතාව යොමු කිරීමේ අරමුණින් මේ වසර එලෙස ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කර තිබේ.
විශේෂයෙන්ම කාසි සහ නෝට්ටු මුද්‍රණය සඳහ යන වියදම් අඩු කිරීම, රට තුළ මූල්‍ය අන්තර්ග්‍රහණය දියුණු කරමින් කාසි සහ නෝට්ටු භාවිතයෙන් තොර සමාජයක් ඇති කිරීම යන ප්‍රධාන අරමුණු ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
(ඡායාරූප - ඉසුරු පෙරේරා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙය ප්‍රයෝගිකව සිදු කරන්න. ඩිජිටල් වර්ෂය විදිහට නම් කල නමුත් තවමත් බැංකු මගින් මෙයට ගනුදෙනුකරුවන් යොමු කිරීම මන්දගාමීයි.
ඩිජිටල් කියන්නේ 0 සහ 1 . බින්දුවක් කියන්නේ මුදල් නෑ. එක කියන්නේ මුදල් තියනවා.
ෆූඩ් සිටි ගියාම පෝලිමේ භාගයක්ම ඉන්නේ ලයිට් බිල් ගෙවන්න ඉන්න අය. ඔන්ලයින් බෑංකින් යූස් කරන එක ප්‍රමෝට් කරන්න ඕනේ..
අපි නම් දැන් ගොඩක් කලෙක ඉඳන් ලෑස්තියි, මහ බැංකුව තමයි තාමත් සුදානම් නැත්තේ. ඩිගිටල් බැංකු කරන්නේ කොහොමද online ගිණුමක් තියන් යන්නත් අපි අවුරුද්දකට රු 500ක් ගෙවන්න ඕනේ බැංකුවට. හරි නම් බැංකුව අපිට රු 500ක් ගෙවන්න ඕනේ අපි බැංකුවට එන්නේ නැතුව ගනුදෙනු කරනවට. ලංකාව ඇතුලේ බැංකුවකින් බැංකුවකට සල්ලි දාන්නත් රු 50 ගන්නවා වැඩිපුර. මොකුත් නොකරත් කමක් නැහැ 2020, ඔන්න ඔය ගාස්තු ටිකවත් අයින් කරන්න.