Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 27 වන සඳුදා
(හර්ෂණ තුෂාර සිල්වා)
වසර 2020 වනවිට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 25ක් දක්වා වැඩි කර ගැනීම අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉලක්කය යැයි එහි සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය අද (7) ප්‍රකාශ කළාය.
පසුගිය වසරේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 15.2ක් වූ බවත් මේ වසරේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 17.4ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඉන්දිරා මල්වත්ත මහත්මිය සඳහන් කළාය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මල්වත්ත එම කරුණු කීවාය.
මේ වසරේ පළමු අර්ධයේ අපනයන දත්ත වාර්තා සලකා බැලීමේදී මේ වසර සඳහා තබා තිබෙන ඉලක්කයෙන් සියයට 60ක් සපුරා ගැනීමට හැකියාව ලැබී ඇතැයි ද මල්වත්ත මහත්මිය මෙහිදි පැවැසුවාය.භාණ්ඩ හා සේවා අපනයන වර්ධනය කිරීමෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 25 ඉලක්කය සපුරා ගත හැකි බව ද ඇය සඳහන් කළාය.
තවදුරටත් අදහස් දැක්වූ ඉන්දිරි මල්වත්ත මහත්මිය මෙසේ ද කීවාය.
“වසර 2020 වනවිට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 25ක් දක්වා වැඩි කිරීමේ ඉලක්කයක් අප සතුව තිබෙනවා. එය කරන්න පුළුවන්. පසුගිය වසරේ අපේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 15.2ක් වුණා. මේ වසරේදී අපි එක්සත් ජනපද ඩොලර් බිලියන 17.4ක අපනයන ආදායමක් අපේක්ෂා කරනවා. පසුගිය වසරේදීත් මේ වසරේ පළමු අර්ධයේදීත් අපි හොඳ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. සාමාන්‍යයෙන් දෙවැනි අර්ධයේදී අපනයන ආදායම වර්ධනය වෙනවා. අර්බුද බාධක හමුවේ වුවද අපනයනකරුවන් ඉතා හොඳ කාර්යභාරයක් කර තිබෙනවා.
අපනයන සංවර්ධන මණ්ඩලය පමණක් නොව ආණ්ඩුවේ සියලු දෙනා අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ විය යුතුයි.
අපනයන සංවර්ධනය වෙනුවෙන් කැප වී කටයුතු කළ යුතුයි. සෑම අමාත්‍යාංශයක්ම, සෑම අමාත්‍යවරයෙක්ම සෑම නිලධාරියෙක්ම අපනයන සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. අපනයන සංවර්ධනය එක් ආයතනයක, එක අමාත්‍යාංශයක හෝ එක් සංවිධානයක වගකීමක් හෝ කර්තව්‍යයක් නෙවෙයි.
අපනයන යනු අපේ රටේ ආර්ථික සංවර්ධනයේ එක් ප්‍රමුඛ අංගයක්. අප සියලු දෙනාම ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය වෙනුවෙන් කැප විය යුතුයි. අනෙක් දේ සෘජු විදෙස් ආයෝජනයි. අපනයන සහ සෘජු විදෙස් ආයෝජන අපේ රටේ ආර්ථික සංවර්ධනයේ ප්‍රමුඛතම අංගයි.
අපි ලබාගෙන තිබෙන ණය සම්බන්ධයෙන් නිතරම කතා කරනවා. ණය පියවන්න තිබෙන හොඳම ක්‍රමවේදයක් ලෙස අපනයන ආදායම පෙන්වා දෙන්න පුළුවන්. අපි හැමෝම එක්වෙලා තිස් වසරක යුද්ධයක් අවසන් කළා නම්, අපි හැමෝම එකතු වෙලා අපනයන සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළොත් අපිට ආර්ථික යුද්ධය ජයගන්න පුළුවන්” යැයි ද ඇය කීවාය.
ශ්‍රී ලංකා මහ බැංකුව මැයි මාසයේ නිකුත් කළ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය අනුව මේ වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා කාලයේදී අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 4.7ක් වන අතර පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී එය සියයට 6.7ක වර්ධනයකි.
Bamunuarachchi Tuesday, 07 August 2018 03:31 PM
හම්බවේවි බලාගෙන ඉන්න
Reply : 426 409
Saman Wednesday, 08 August 2018 01:06 AM
ඔන්න ඔහොමයි වෙන්න ඕන. ණය ගෙවන්න තියෙන එකම ක්‍රමය අපනයනය වැඩි කිරීමයි. ඔහොම යං.. ඔහොම යං..
Reply : 27 64
Senarath Wednesday, 08 August 2018 03:23 AM
ඔය කියන විදියට 2015 න් පස්සේ වැඩි උනා නම් මොනවටද ටැක්ස් ගහල බඩුමිල වැඩිකරලා ජනතාව මරාගෙන කන්න හදන්නේ. එතකොට කියන්නේ අයවැය පරතරය පියවගන්න කියලා. අපිටනම් එකම ක්ෂත්‍රයක් වත් දියුණු වීමක් පෙනෙන්න නැහැ , පසු බෑමක් මිසක. මොකද මේ ගැන මහා බැංකු වාර්තාවල නැත්තේ.
Reply : 79 287
Sanath Kandy Wednesday, 08 August 2018 08:22 AM
නෝනලා මහත්වරු AC කාමරවල ඉඳන් සැලසුම් හැදුවට වැඩක් නෑ. ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමා අවශ්‍ය. අවුරුදු 70ක් තිස්සේ රට දුවන පීල්ල මාරු කරන්නේ නැතුව හදන සැලසුම් කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නෑ.
Reply : 1 29
desta Friday, 10 August 2018 08:09 AM
කුඩු විකුණලද? මත් පෙති විකුණලද?
Reply : 0 1