IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


2018 වසරේ විදෙස් සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

(තිළිණි ද සිල්වා)

විදෙස් සංචාරකයින් විසි තුන් ලක්ෂ තිස්තුන් දහස් හත්සිය අනූහය දෙනෙකු  ඉකුත් වසරේදී මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය ඉකුත් 2017 වසරේදී මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව හා සැසඳීමේදී එම සංඛ්‍යාව  10.3% කින් වර්ධනය වී ඇතැයි එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටී. 2017 වසරේදී විදෙස් සංචාරකයින් විසි ලක්ෂයකට ආසන්න පිරිසක් පැමිණ තිබේ.

වැඩියෙන්ම  සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාව , චීනය , බි‍්‍රතාන්‍යය , ජර්මනිය සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල් වලින් බව ද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඉකුත් වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ගත වූ මාස 12 කාලය තුළ විදෙස් සංචාරකයින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ වන අතර එම සංඛ්‍යාව 253,169 ක් වේ.

 

මීට අමතරව පසුගිය පෙබරවාරි ,මාර්තු , ජුනි ,නොවැම්බර් මාස වලදී විදෙස් සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව අධිකාරිය කියා සිටී.

 

මෙම සංචාරකයින් පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේ මේ වසරේදී විදෙස් සංචාරකයින් ලක්ෂ 30 ක්  ඉලක්කයක් රජය අපේක්ෂා කරන බවය.

 

එසේම මේ වසරේ ඇමෙරිකා ඩොලර් බිලියන 4 ක ආදයමක් සංචාරක ක්ෂේක‍්‍රයෙන් ඉපැයීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටියේය.

 

පසුගිය 2018 වසරේදී මීට වඩා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අපේක්ෂා කළද ඉකුත් ඔක්තෝබර් මාසයේදී 26 වැනිදා ඇති වූ දේශපාලන අර්බුද හේතුවෙන් සංචාරකයින් පැමිණී තරමක් අඩාල වූ බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටී.

 

 



අදහස් (4)

2018 වසරේ විදෙස් සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

Athula Thursday, 03 January 2019 07:00 PM

සංචාරකයන් රවටා මුදල් හම්බකරන තක්කඩිකම්, වනචරකම් නතර නොකලොත් ඔවුන් ලංකාව දිහාවත් නොබලන දිනය වැඩි ඈතක නොවේ,

:       0       32

chandima Friday, 04 January 2019 04:13 PM

රුපියල සියයට 15කින් බාල්දු කරලා සංචාරකයන්ගේ පැමිණීම සියයට 10 කින් වැඩිවෙලා වැඩක් නැහැ. තවමත් සියයට 5 ක් පහළින් ඉන්නේ.... අනික ඔය වැඩි වෙලා ඉන්නේ අර තුන් වේලට කන්න චපාතිත් බැග් එකේ දාගෙන පාඩුලබන ලංගම බස්වල සහ රජයෙන් යැපෙන දුම්රියේ යන්න එන සංචාරකයෝ නම් තවත් අනාතයි. අන්තිමේ ඒ අය රට පුරා සංචාරය කරලා තියෙන්නේත් අපේම සල්ලි වලින්...

:       3       22

tikiriWednesday, 09 January 2019 09:26 AM

හැබැයි චන්දිම තරු 5 හෝටල්වලට එන සංචාරකයන් එන්නේ ඔන්ලයින් බිල්ගෙවලා... ඉතින් එයාලගේ ඩොලර් යන්නේ විදේශීය විශාල සංචරක සමාගම්වලට... මෙහෙම එන සංචාරකයන් පොඩි නිවාසවල නැවතිලා, පොඩි කඩවල් වලින් මොනවා හරි කාලා යනකොට පොඩි අපිටත් කීයක් හරි එනවා.

:       1       313

siril Wednesday, 09 January 2019 09:30 AM

හැබැයි පසුගිය අවුරුද්දේ පාර්ලිමේන්තු සංග්‍රාමය හින්දා සංචාරකයන්ගේ පැමිණීම අඩුවුණා කියල කිව්වේ අපිව රවට්ටන්න වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site