(රොමේෂ් මධුෂංඛ)
මෙරට අපනයන ඉතිහාසයේ වැඩිම ආදායම 2017 වසරේදී වාර්ථා වූ බවත් එය ඩොලර් බිලියන 15ක් බවත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (31) වව්නියාවේදී කියා සිටියේය.
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහනය වෙනුවෙන් අද (31) වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය වරයා මේ බව කියා සිටියේය.
එහිදී ජනතාව ඇමතූ අග්‍රාමාත්‍යතුමන් වැඩි දුරටත් කියා සිටියේ,
‘‘මෙරටට අපනයනයෙන් ඩොලර් බිලියන 15ක් ලැබුනා වගේම අපේ රටට වැඩිම විදේස් ආයෝජනයෙනුත් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලැබුණා මේකෙන් මම සෑහිමකට පත්වෙන්නේ නැහැ මේ මුදල් දෙගුණයක් කරන්න ඕන මේ රටේ රැකියා ප්‍රශ්නය විසඳන්න ඕනනම්
අපේ රටේ වරායන් දෙකක් තියනවා කොළඹ සහ හම්බන්තොට වරායන් හම්බන්තොට වාරායත් දැන් සුදු අලියෙක් නෙමෙයි එකෙන් දැන් ආදායම් ලබනවා ගුවන්තොටුපලවල් දෙකක් තියනවා මේවා ඉලක්ක කරගෙන තමයි අපි වෙළඳ කලාප සංචාරක කලාප හදන්නේ ජපානයෙන් මහනුවර සංවර්ධනය කරන්න සැලසුම් කරල තියනවා .
‘‘දෙවන අදියරකුත් තියනවා ලංකාවට වරායවල් තුනක් තියනවා මම දෙකක් ගැනයි කතා කලේ ඒ දෙක වගේම අපි දියුණු කරනවා ත්‍රීකුණාමලයයි මහනුවරයි අපි එකතු කරනවා බෙංගාල බොක්කේ හොඳම වරාය ත්‍රීකුණාමලය දියුණු වෙනකොට ඒකේ වාසිය වන්නියේ ජනතාවටත් ලැබෙනවා ,
අපි මේ වන විටත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ සංචාරක කලාපයක් ආරම්භ කරන්න යනවා ඒ පැත්තෙන් සංචාරක කලාපයක් මේ පැත්තෙන් වරායක් මේ විදිහට 2025 වෙනකොට අපි මේ රට දියුණු කරල පෙන්වනවා, මේ ඕක්කටම ඉස්සෙල්ලා අපි වව්නියාවේ ගෙවල් 5000 ක් හදලා දෙන්න අපි තීරණය කරල තියනවා.
ඒවගේම යුද්දේ නිසා අතුරුදහන් වූවන් ගැනත් හොයන්න ඕන ඒ අය ගැන හොයන්න අපි නීතිය සකස් කරල තියනවා සභාව පත් කරන්න තියනවා අපිට මේවා පැය 24න් කරන්න බැහැ ඒකට අපිට ගමේ ආණ්ඩුව භාරදෙන්න. යනුවෙනි.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නළුවෙක් නෙමේ මොලයක්, නැත්නම් මුට්ටිය දාලා බැලුවා වගේ ආප්පයව ජනපති කරලා අගමැති වුණානේ. ඊට පස්සේ රටේ මහබැංකුව ක්ලීන් කලා.
අනේද කියන්නේ... අනන් මනං එපා අපට. හොරකාපු සල්ලි ටික ආපසු දීලා ඉතිරි දඩුවම් ගැන කතා කරමු හොදේ....
හිටියා තරුණයන් බ්‍රේස්ලට් සමගින් A9 දිගේ..... උන්නා පාසල් ළමුන් ටැබ් අතැතිව A9 දිගේ.... ඇහුවා මක්කටැයි ඉන්නේ A9 දිගේ..... එනවලු සූත්තර පුංචා ෆොෂ්වගෙන් එකේ....
මට මතකයි 77 චන්දෙත් එක්ක චිත්තර පටි දෙකක් මාරු වුන.ඒ වෙනකොට "චින්චින් නෝනා "ප්‍රදර්ශනය ඉවර වෙන කොට "ටොම් පචය"පටන් ගත්ත.මට හිතෙන්නේ එදාට වැඩ ටොම් පචයෙක් තම දැන් අපිට ඉන්නේ කියල.
මේ කියන ගණන් වල සත්‍යතාව බලන්නම ඕනේ. පසුගිය අවුරුදු දෙකේම තේ, රබර්, ගම්මිරිස් වගේ දේවල මිල බැස්සා. තේ වලට මිලක් ලැබෙන්න ගත්තේ දැනට මාස 3 ක ඉදලා. පොල් අපිට කන්නත් නැහැ රට යවන්න තියා. නිමි ඇදුම් වලින් යමක් ලැබෙනවා ඇති. අනෙක මේ කියන මුදල් ලැබෙනවානම්, ආණ්ඩුවට මොකද බැරි බැරියාව ලෙඩේ හැදිලා තියෙන්නේ.
මේ වගේ අගමැති කෙනෙක් ලෝකේ කිසිම රටක නැත. අපේ රට ඉවරයි...
ආර්ථික වර්ධනයක් ගැන කතා කරන්න... මේ දූෂිත මහබැංකු මංකොල්ල කාපු අයට පුළුවන්ද? මේ වසළ, අසමජ්ජාති ක්‍රියාව ඔප්පු වී හමාරයි. මහජනතාව විසිනු ද්‍රෝහී කුමන්ත්‍රණකාරයින්ව පලවා හැරිය යුතුය.
නළුවෙක් නොවේ මොලයක් ?? මෙයාගේ තියෙන්නේ මොලයක් නෙමෙයි අලයක් . 2001 එකේදිත් පණ්ඩිතකම් කරන්න ගිහින් අනාගත්ත . මේ පාරත් එකම කරනවා (මේයා හිතන් ඉන්නේ JR ගේ බැණ උන පලියට JR ගේ මොලේ මෙයටත් තියෙනවා කියල ) 2020 ජනාදිපති වෙන්න හීන මවල මහින්දව එළියේ තිබ්බ ස්රිලනිපේ කඩන්න, අන්තිමට මොකද උනේ unp එකට කෙල උන එක විතරයි උනේ . අගමැති තුමෝ ඔයා අගමැති කමට තියා පක්ෂ නායක කමටවත් සුදුසු නැහැ .
මට නම් මතක් වෙන්නෙම හදයා කියන හරක් පැටියා ඉන්න කතාවමයි.