(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉතිහාසයේ වැඩිම ලාභය වන රුපියල් බිලියන 13.2 ක ලාභයක් ඉකුත් වසරේ වාර්තා කර ඇතැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.
2016 වසරේ අධිකාරිය ලැබු ලාභය රුපියල් බිලියන 10 ක් වන බැවින් ඉකුත් වසරේ ලාභය සුවිශේෂි වන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
වරාය අධිකාරියේ 2017 සමස්ත වියදම රුපියල් මිලලියන 30,190 ත් බවත් එය 2016 වසරේ තිබු වියදම වන රුපියල් මිලියන 33005 සමඟ සසඳන විට රුපියල් මිලියන 2815 ක් වියදම් අඩුවීමක් වන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම ලාභ ලැබීම මෙරට වරායන්හි තිරසාර පැවැත්මට රුකුලක් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
වරාය අධිකාරිය මෙවැනි ලාභයක් ලැබීමට හේතු වූ ප්‍රධාන කරුණ වන්නේ හම්බන්තොට වරාය බදුදීම සමඟ වරාය අධිකාරිය ගෙවීමට තිබු ණය ඉවත්වීම යැයි ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මේ ලබා ඇති ලාභය කොළඹ ඇතුළු අනෙක් වරායන් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් සඳහා යොදවන බව ද අමාත්‍යවරයා පැවැසීය.
වරාය වරාය හා නාවික ඇමති මහින්ද සමරසිංහ මහතා වරාය අමාත්‍යංශයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කළේය. ඔහු මෙසේ ද පැවැසීය.
“ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් හම්බන්තොට ණය වෙනුවෙන් අධිකාරිය ගෙවා තිබෙනවා. හම්බන්තොට ගිවිසුම අස්සන් කළ පසු ගෙවූ රුපියල් මිලියන 8 ක් පමණ වූ මුදල යළි වරාය අධිකාරිය වෙත ලැබෙනවා ඇති.
වරාය අධිකාරිය ලැබු ලාභ සමඟ වරාය සේවක වැටුප් වැඩි කිරීිමට කටයුතු කර තිබෙනවා. එහි වෘත්තිය සමිති සමඟ අස්සන් කළ ගිවිසුම අනුව රුපියල් 10000 ක් බැගින් වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක වෙනවා.
එය ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ගෙවනවා ඇති. ඒ අනුව ඉකුත් මාස දෙකේ හිඟමුදල ලඟදීම ගෙවනවා. මේ 10000න් 5000 ක් වැටුපට එකතු කරනවා. මේ නිසා අර්ථසාධක ඊටී එෆ් පාරිකෝෂික ඇතුඵ දීමනාවන්ද වැඩිවෙනවා ඇති. මෙම වැඩ පිලිවෙළේ අරමුණ ලාභය ලැබීමට දායක වුණ පිරිස් අමතක නොකිරීමයි.
මේ සඳහා මිලියන 2300 ක් වැයවෙන බව ගණන් බලා තිබෙනවා. ඒ වගේම වෘත්තිය සමිති 24 න් 21 ක් සාමුහික ගිවිසුමට අස්සන් කර තිබෙනවා.
වරාය අධිකාරිය 2015 වසර වනවිට රුපියල් මිලියන 14168 ක අලාභයක් ලබා තිබුණා. එය 2016 වනවිට බිලියනයක ලාබ ලැබුවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ප්‍රවෘත්ති ප්‍රධාන පුවත් වෙන්නේ නැත්තේ ඇයි? කණගාටුයි එ් ගැන...
අයියෝ මේ පඩි වැඩි කරපුවා දාන්නේ ඇයි? දැන් ඉතින් පවුලගෙන් බේරෙන්න වෙන්නේ නැහැ. එයත් දැන ගත්තනේ පඩි වැඩිවෙලා කියලා. (වරායේ සේවකයෙක්)
ඇත්තටම ලාභ ලබලා තියෙන්නෙ සේවාවන් නිසා නෙමෙයි, හම්බන්තොට වරාය බදු දීමෙන්. එය නියම ලාභයක් වන්නේ කෙසේද? ලංකාවම විකිණුවානම් ඔය කියන විදිහට, ලංකාව ණය බරින් මිදුණු රටක් වෙනවා. එතකොට ඒක අපි ලබපු ජයග්‍රහණයක්ද?
මෙතන ලාභය දිගින් දිගටම තිබුණා. නමුත් හම්බන්තොට වරායට ණය ගෙවීම නිසා එම ලාභය නැතිවෙලා. එමනිසා හම්බන්තොට වරාය විකිණීම නිසා ලාභය අතට ලැබුණා. එසේම හම්බන්තොට වරාය අහිමි වුණා.
ඇත්තටම ඇයි මේ වගේ ප්‍රවෘත්ති මිනුස්සුන්ට දැනගන්න ලොකුවට යන්නේ නැත්තේ. ආණ්ඩුව මොනවද කලේ කියල අහන කට්ටියට මේවා හොද උත්තර. කලින් ආණ්ඩුව වගේ ලොකුවට බැනර ගහල මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරලා මේවා මිනුස්සන්ටම පෙන්නුවම තමා ඔලු ගෙඩි වලට යන්නේ.
වරායේ රස්සාවට එනවා නම් කම්කරු රස්සාවට එන්න. උගතුන්ට මේකේ සාධාරණ වැටුපක් නෑ. හැමොටම එක ගානෙන් වැඩි කරල දැන් වැටුප් අනුපාතය එකට දෙකාමාරයි. රජයේ ආයතන , ජල මංඩලය , ලංවිම වගේ තැන්වල එකට හතර සට හය දක්වා අනුපාතයක් තියනවා.
මෙම ලාභය ලැබුවේ ඉස්සර කොන්ටේනර් එකකට රු 250/- සිට රු 10000/- දක්වා ගාස්තු වැඩි කළ නිසයි. නැතුව සේවකයෝ කරපු දෙයක් නැහැ.
ඔව් ඉතින් අපි දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි තමයි ඔය. පිටරටවල් වල අපි අවුරුද්දකට වරක් ලංකාවට එනකොට අරගෙන එන බඩුමුට්ටුවලට ගහන බදු මුදල් තමයි ඔය. වරායට ගෙවන්න ඕනෑ.. අපි රේගුවට ගෙවන්න ඕනෑ. අපි එවන කොම්පැනියට ගෙවන්න ඕනෑ. පැකින්වලට කියයි, ගමන් වියදම් කියයි. අන්තීමට බදු වැඩියි කියලා දඩත් ගහනවා.
මගේ ළමයා හොදට ඉගෙනගත්තොත් කිසි දවසකවත් වාරායේ පස් පාගන්න දෙන්නේ නැහැ. ඉගෙන නොගත්තොත් කොහොම හරි හාර්බර් එකට දා ගන්නවා.
විගනකාධිපතිතුමා කියන තුරු අපි විස්වාස කරන්න නැහැ.