(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවට 2017 – 2020 කාලය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 244 ක හෙවත් රුපියල් කෝටි 3700 ක විදේශ ණය ප්‍රමාණයක් ලබා දීමට එකඟතාවය පළකර තිබේ.
එම ණය මුදල් ලබාගැනීමට විදේශ ගිවිසුම් 10 කට අත්සන් තබා තිබෙන අතර ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 174.3 ක් ණය වන අතර ඩොලර් මිලියන 69.8 ක් ප්‍රදාන වන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
යුරෝපීය ආයෝජන බැංකුව යුරෝපීය ප්‍රජාව, කොරියාව එහා ජපානය එම ණය සහ ප්‍රදාන ලබාදීමට එකඟ වී ඇත.
කෘෂිකාර්මික,ජලසම්පාදන හා සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් එම විදෙස් ණය ලබාගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ණය වලට හිලව් වෙන්න මොනවා දෙන්න වෙයිද? දන්නේ නෑ. චීනෙට නම් යන්තම් වාරයක් දීලා බේරුණා.
මේ නය දෙන්නේ යුරෝපීය ආයෝජන බැංකුව යුරෝපීය ප්‍රජාව, කොරියාව හා ජපානය ද නැතිනම් ඇමරිකාවෙන් ද? කොහොමටත් 2020 වෙද්දී කියයි රුපියල් කෝටි 7400 කියල. මොකද අද ඩොලර් එකක් රුපියල් 150 උනාට ඒකාලේ වෙද්දී 300ක් වෙයිනෙ?
ණය ලැබෙන්නේ අමෙරිකාවෙන් නොවේ.
කෘෂිකාර්මික, ජලසම්පාදන හා සනීපාරක්ෂක කටයුතු වලට ණය ගන්නේ මොකටද මොනවහරි භාන්ඩයක් නිෂ්පාදනය කරන්න බැරිද ? ණය ගෙවන්නේ මොනවා විකුනලද ?
අපේ රටේ අදහන්නේ නිඝන්ටනාතපුත්තගේ ධර්මයද හිතාගන්න බැහැ එතුමා කියල තියෙනවනේ ණයට හරි අරන් ගිතෙල් කාන්න කියල බුදුහිමියන් නම් දේසනා කලේ ආදායම කොටස් හතරකට බෙදල කටයුතු කරන්න කියලනේ
හිගා කන්න ණය ගන්න ඉතාම දක්ෂයි. කැත පුරුද්ද අත්හරින්න්නේ නෑ... ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
මේකට ප්‍රධාන හේතුව ලංකාවෙ මිනිස්සුන්ට හැම දෙයක්ම නොමිලේ දීමයි. ධනවත් රටවල කිසිම දෙයක් නොමිලේ නැහැ.