IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ඩයලොග්

ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරුකරණ උපදේශන ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් හි 20 වැනි වාර්ෂික සමාලෝචනයේදී, රුපියල් බිලියන 52 ක සන්නාම වටිනාකමින් යුත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී,  අඛණ්ඩව 5 වැනි  වසරටත්  ‘ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය‘ ලෙස තේරී පත්ව ඇත. එමෙන්මAAA+ සන්නාම ශ්‍රේණිගත කිරීමද ලබා ගනිමින් ඩයලොග් ශ්‍රී ලංකාවේ ‘ශක්තිමත්ම සන්නාමය‘ සහ අඛණ්ඩව 16 වැනි වරටත් ‘වටිනාම සන්නිවේදන සන්නාමය’ යන නාමයන්ගෙන් ද පිදුම් ලැබීය.

ඩයලොග්, ‘වඩාත්ම ආදරය කරන සන්නිවේදන සන්නාමය‘ යන ඇගයීම් නාමය 07 වැනි වරටත් හිමිකර ගැනීමෙන් පිළිබිඹු කෙරෙන්නේ, මෙරට මිලියන 17 කට අධික ශ්‍රී ලාංකිකයන් ඩයලොග් කෙරෙහි තබා ඇති විශ්වාසය මෙන්ම, ශ්‍රී ලංකාවේ තිරසාර ඩිජිටල් පාරිසරික ක්‍රමවේදයක් නිර්මාණය කිරීමෙන්, මෙරට ජන ජීවිතය හා ව්‍යවසාය සවිබල ගැන්වීමේ ඩයලොග් සතු නොසැලෙන කැපවීමයි. ”‍අනාගතය. අදයි”‍ යනුවෙන් වන සන්නාම ප්‍රතිඥාව සැබෑවටම සාක්ෂාත් කිරීමට කැපවන ඩයලොග්, ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණය අතින් දියුණු රටක් බවට පරිවර්තනය කරන අතරම, ස්වකීය පාරිභෝගිකයන් හට පරිපූර්ණ, දැරිය හැකි හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි අතිනවීන තාක්ෂණය හා සබඳතාවක් පිරිනැමීම සඳහා අධිෂ්ඨානශීලිව කටයුතු කරයි.

ආයතනයේ මූලික පරමාර්ථයක් වන‘හෘදයාංගම සේවාව’ සැලසීම සඳහා වන ඒකායන කැපවීමත් සමගින්, (DIA)viryual assistance My Dialog Appමෙන්මvoice assistance සේවාව ලබාදීම සඳහා Google Assistance සමග ඒකාබද්ධ කිරීම ඇතුළු, එහි ඩිජිටල් සත්කාර පරිසර පද්ධතිය මගින් පිළිබිඹු කෙරෙන්නේ අසමසම අත්දැකීම් පාරිභෝගිකයන්ට තිලිණ කිරීම, සමාගම සිය ප්‍රමුඛතම කාර්යයක් ලෙසින් සලකන බවයි. එමෙන්ම, රට තුළ සහ ප්‍රජාව තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා එහි නොසැලෙන කැපවීමේ පියවරක් ලෙසින්, සමාගම සිය හවුල්කරුවන්ගේද සහාය ඇතිව සකස් ‘National Fuel Pass’ ඉන්ධන අවසර පත් විසඳුම ඔස්සේ උග්‍ර ඉන්ධන අර්බුදය සාර්ථක විසඳුමක් කරා ගෙන යාමටද කටයුතු කරනු ලැබිණි. මීට අමතරව, රටේ පවතින ආර්ථික තත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත් පවුල් වෙත හදිසි සහන බෙදාදීමේ අරමුණින් ඩයලොග්, මෙරට පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක් එක්ව ක්‍රියාවට නැංවූ ‘‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන මඟින් දිවයින පුරා පවුල් 120,000ක් ඉක්මවා හදිසි සහන පිරිනමනු ලැබිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පී.එල්.සී. සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය. “මෙම ගෞරවය දිනා ගැනීමට සහය වෙමින් මෙරට මිලියන 17 කට අධික ජනතාව සහ ආයතන අප කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසය සම්බන්ධයෙන් අපි කෘතඥතාව පළ කරනවා. ඒ වගේම, ශ්‍රී ලංකාවේ වටිනාම සහ ශක්තිමත්ම සන්නාමය ලෙස, ශ්‍රී ලාංකේය ජීවිත සහ ව්‍යවසායන් සවිබල ගැන්වීමට තාක්‍ෂණයේ පරිවර්තනීය බලය අපි දිගටම භාවිතා කරන්නෙමු.”

බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා (පුද්) ආයතනය හි සභාපති රුචි ගුණවර්ධන මහතා ද මෙසේ පැවසීය. “අපගේ ඇගයීම් ලැයිස්තුවේ ඉහළම ස්ථානයේ රැඳී සිටීම පිළිබඳව ඩයලොග් වෙත අපේ සුභාශිංසන හිමිවෙනවා. එය අන් අය විසින් අනුගමනය කළ යුතු මිණුම් ලකුණක් වන සන්නාමයක්. අප විසින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ගුණාත්මක බව මනිනු ලබන බොහෝ නිදර්ශක හරහා සන්නාම ශක්තිය ගොඩනැගීමට ඩයලොග්  සතු  හැකියාව, ස්වකීය සන්නාම වටිනාකමට උපරිමය ඉටුකිරීමට ඊට හැකියාව සලසනවා”‍


595



අදහස් (1)

ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ඩයලොග්

ravin Sunday, 03 September 2023 09:12 AM

සමහර නිව්ස් තියෙනවා දැක්කම හිනායනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31168 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13313 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10956 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 58 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site