IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සංචාරක කර්මාන්තයේ ව්‍යවසායකයන්ට අත හිත

(බිඟුන් මේනක ගමගේ )

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ බිඳවැටීමෙන් ආර්ථික වශයෙන් දුෂ්කරතාවයට පත්ව සිටින මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් සැලැසීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක සහ ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ‘ලංකාදීප’ යට අද (24) පැවැසීය.

හෝම් ස්ටේ සංකල්පය යටතේ කොළඹින් පිට පළාත්වල විශාල පිරිසක් සංචාරක කර්මාන්තයට සම්බන්ධ වී යැයි ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ අර්බුදකාරී පරිසරයෙහි ඔවුන්ගේ ආර්ථිකය බිඳවැටුණේ යැයි ද අමාත්‍ය රණතුංග මහතා අවධාරණය කළේය.

ඒ අනුව මෙම පිරිස්වලට සිය ව්‍යාපාර යළි ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ යැයි ද රණතුංග මහතා පැවැසීය. 

2009 යුද්ධය නිමාවීමෙන් පසුව සංචාරක කර්මාන්තය සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගත් නමුත් 2015න් පසුව හටගත් දේශපාලන අස්ථාවරභාවය නිසා එය ආපස්සට හැරවුණේ යැයි ඔහු චෝදනා කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීම සමග දැන් නැවතත් කොටස් වෙළෙඳපොළ වේගයෙන් ඉහළ යමින් ව්‍යාපාරිකයන් අතර ලොකු විශ්වාසයක් ගොඩනැගී ඇතැයි ද මෙතෙක් කල් මෙරටට නොපැමිණි ආයෝජකයන් කැඳවාගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමට තමා කටයුතු කරන්නේ යැයි ද අමාත්‍ය රණතුංග මහතා පැවැසීය.

ජාතික ආරක්ෂාව ස්ථාවර වෙද්දී විදේශිකයන් පැමිණීම අනිවාර්යෙන්ම ඉහළ යනු ඇතැයි ද අමාත්‍ය රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

සංචාරක කර්මාන්තයේ ව්‍යවසායකයන්ට අත හිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site