ගල් ඔය වැවිළි සමාගම විසින් යළි ආරම්භ කැරුණු හිගුරාන සීනි කම්හලේ දෙවැනි උක් ඇඹරුම් වාරය ආගමික වතාවත් මැද අද අරැඹිණි.
මෙවර සීනි මෙට්‍රික් ටොන් 15000ක් නිෂ්පාදනය කිරීමට අදහස් කරයි. මේ සඳහා උක් ටොන් 165000ක් අවශ්‍ය වෙතියි ගණන් බලා ඇත.
ගල් ඔය වැවිලි සමාගම දැනට උක් අක්කර 3500ක් වගා කර තිබේ.
තවත් අක්කර 3500ක් වගා කිරීමට අදහස් කරන බව විධායක අධ්‍යක්ෂ ලලිත් ගමගේ මහතා කියයි.
දැනට සෘජු රැකියා දහසක් ලබා දී ඇතැයි ද වක්‍ර රැකියා 5000කට පමණ අවස්ථා උදා වී ඇතැයි ද ගමගේ මහතා පවසයි.
COMMENTS
සිනි ඇමති කෙනෙකුත් ඉන්නවනේ (නි)
ගාමිණි කොහෙද ඉස්කෝලේ ගියේ. කඩේ යන්න ඕනා නම් යන්න. ආර්ථික විද්‍යාවට කොලේ වහන්නේ නැතිව. පාඩු උනත් කමක් නැහැ කිවේ අපිටම තමයි කැරකෙන්නේ. පිටට ගියත් එකයි ඇතුලට පාඩු උනත් එකයි.(නදී)
සීනි පැණි රස වැඩි වෙලා නම් කුඹි වහයිද දන්නේ නැහැ. (නි)
හැම දේම ම හොද පැත්ත බලන්න පුරුදු වෙමු. හරි ගියොත් හොද අපිටනේ.(නදී)
ගල්,පොල් එහෙමත් නිපදවයි නේද? (නි)
රටේ මුදල් පිටරටවලට ඇදී යන කාලයේ ,ටිකක් පාඩු වුණත් කමක් නැහැ, අපේ අයට රැකියා ටිකක් හරි ලැබෙන නිසා. (නි)
පැණිරස වැඩි වෙලා? එහෙනම් ෂුවර් එකටම සැකරින් දාලා. අහු වෙන්න එපා. (නි)
ගෙන තිබෙන උත්සාහයට සතුටුයි. අර කන්තලේ සීනි කර්මාන්ත ආයතනයත් ඔයවගේ පටන් ගන්න බැරිද? මම ගිය ඒ ෆැක්ට්‍රිය බලන්න.දුක හිතෙනවා වෙලා තියෙන විනාශය දකින්න. වාහන මැෂින් දිරනවා. අක්කර දසදහස් ගණනක් කැළෑවට ඇරිලා. සීනි ඇමතිතුමනි, ඔබගේ අවදානය පිණිසයි (නි)