IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව හත් වැනිදා

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මුදල් ඇමැති රවී කරුණානායක මහතා බදාදා (05) අලුයම අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.

සමුළුව ඔක්තෝබර් මස 07 වැනි දා සිට නව වැනිදා දක්වා අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ දී පැවැත්වේ. මෙවර ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට ලොව රටවල් 189ක මුදල් අමාත්‍යවරු ඇතුළු මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පෙළ නිලධාරීහු සහභාගී වෙති. සමුළුවට පෙර ඔක්තෝබර් මස 5 වැනි දා සහ 6 වැනි දා   ජී 24 සාමාජික හමුව පැවැත්වීමට නියමිතය.

කරුණානායක මහතාට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර් එච් එස්  සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක් වෙති.

 



අදහස් (0)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව හත් වැනිදා

ජනිත Wednesday, 05 October 2016 03:45 PM

කවද්ද එන්නේ . එහෙන් තවත් කොහාට හරි යනවද ? වැය ශීර්ෂ වල මුදල් ඉතිරි වෙලා ඇති මගේ හිතේ. (බ)

:       0       0

ජනහිත Wednesday, 05 October 2016 04:16 PM

කවදාද එන්නේ? එහෙන් තවත් කොහේහරි යනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site