
ගිස්මෝ ඉන්ටනැෂනල් අධ්‍යක්‍ෂ හිමාලි ඒකනායක මහත්මිය නව ප්‍රදර්ශනාගාරය විවෘත කළ අවස්ථාව
(යොහාන් භාසුර)
ලොව ප්‍රධානතම සහ අති නවීණතම මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදකයෙක් වන ‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් නුගේගොඩ, නාවල පාරේ අංක 126 ස්ථානයේ විවෘත කළේය.
කෝලර් සමාගමේ ‘සැපවත් ජීවිතයක්’ යන තේමාව යටතේ ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ආරම්භ කිරීම මෙහිදී කැපී පෙනේ.
මහද්වීප හයක නිෂ්පාදන ස්ථාන 50 කට අධික සංඛ්‍යාවකදී ‘කෝලර්’ මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදනය කරයි. ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් අද දිනය වන විටත් ‘කෝලර්’ නිෂ්පාදන පරිහරණය කරයි.
වර්ගඅඩි 2100 ක් විශාලත්වයකින් යුත් මෙම කෝලර් ප්‍රදර්ශනාගාරය නවීණ තාක්‍ෂණයෙන් සමන්විත වෙනවා. මුළුතැන්ගෙයි සහ නාන කාමර කට්ටල මිලදී ගැනීමට එන පාරිභෝගිකායට සැබෑම මුළුතැන්ගෙයක සහ නාන කාමර අත්දැකීම් විදගනිමින් ඒවා තෝරාගැනීමට අවස්ථාව ලැබීම මෙම ප්‍රදර්ශනාගාරයේ සුවිශේෂත්වයයි.
මෙම ප්‍රදර්ශනාගාරයට පිවිසන පාරිභෝගිකයන්ට එකකට එකක් වෙනස්කමින් සහ නවීණ තාක්‍ෂණයෙන් වෙනස් මුළුතැන්ගෙයි සහ නාන කාමර කට්ටල තෝරාගැනීමේ අවස්ථාව හිමිවෙයි. විවිධ මිල පාරාසයන්ගේ කට්ටල ද තෝරාගැනීමේ අවස්ථාව ද ලැබීම කැපී පෙනේ.
මුළුතැන්ගෙයකට සහ නාන කාමරයකට අවශ්‍ය සියලුම උපකරණ මිලදී ගතහැකි ලෙස එම ප්‍රදර්ශනාගාරය සියලුම භාණ්ඩවලින් සමන්විත වේ. සම්පූර්ණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මුළුතැන්ගෙයි සහ නාන කාමර කට්ටල ද මෙහිදී මිලදීගැනීමේ අවස්ථාව හිමිවෙයි.
ලොව පුරා ඇති පොහොසත් සංස්කෘතීන් වෙතින් අතින් සාදන ලද සහ ආනුභාව ලත් කලාකරුවන් සංස්කරණ නිෂ්පාදන පෙළක් සමඟ වේල් බිත්තිය එල්ලා ඇති සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව වැසි ඇදහැලෙන්නකි. ණදයකැර සෑම දිනකම පාරිභෝගිකයින්ට අද්විතීය අත්දැකීම් ගෙන එයි.
මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ‘කෝලර්’ සමාගමේ දකුණු ආසියානු අළෙවි ප්‍රධානී අභිෂේක් අරෝරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප: සුමුදු හේවාපතිරණ)

‘කෝලර්’ සමාගමේ දකුණු ආසියානු අළෙවි ප්‍රධානී අභිෂේක් අරෝරා සහ ප්‍රියත් බන්දු වික්‍රම යන මහත්වරු ද මෙහි වෙති.
2025 දෙසැම්බර් මස 04
509
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය
Chathuri Thursday, 05 December 2024 06:48 AM
ලස්සන වාගෙම. මේවා ජිවිතකාලයටම. තියාගන්න. පිරිසිදු කරන. ද්‍රව්‍ය මිලදි ගැනීමට තියෙනවද එයයි මුලික දේ. වෙළඳපලෙ. තිබෙන විස නාශක. දාපු ගමන් පාට පිච්චෙනවා. වෙනස් වෙනවා. නැත්නම්. මේ ලස්සන තියෙන්නෙ මාසයක කාලයක්