යොහාන් භාසුර -භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව 2025 මාර්තු 27 සහ 28 යන දිනවල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහන සඳහා රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්, නියාමකයන්, ප්‍රමුඛ ලැයිස්තුගත සමාගම්වල නියෝජිතයන් සහ කොටස් තැරැව්කාර සමාගම් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වීමට නියමිත අතර, කඩිනමින් සංවර්ධනය වෙන ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සතු හැකියාව පිළිබඳ ඒකාබද්ධ දැක්මක් ඒ හරහා ඉදිරිපත් වනු ඇත.
දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළවල ප්‍රධාන පාර්ශවකරුවන් මීට සහභාගී වනු ඇති අතර, අන්‍යෝන්‍ය වර්ධනයට හේතු වන සම්බන්ධතා සහ හවුල්කාරිත්වයන් සඳහා එය හේතු වනු ඇත.
මෙම පිරිස අතර විදේශීය ආයතනික ආයෝජකයන් සහ අරමුදල් කළමනාකරුවන්, දේශීය අරමුදල් කළමනාකරුවන් සහ ආයතනික ආයෝජකයන් මෙන්ම ප්‍රමුඛ කර්මාන්තකරුවන් ද අයත් වන අතර, මෙය අර්ථවත් සංවාද සහ සහයෝගීතාව වෙනුවෙන් වෙන්වූ වේදිකාවක් වනු ඇත.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ආයෝජක හමුව මාර්තු 27 - 28 කොළඹ දී