IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ෆොනී ද ෆොන්සේකාට ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් අධ්‍යක්ෂ ධුරයක්

විමුක්ති එස් රුද්‍රිගු
ප්‍රවීණ තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු වන ෆොනී ද ෆොන්සේකා මහතා ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් සමාගමේ නව අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ඇත.
ෆොන්සේකා මහතා විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක වසර 35කට වැඩි තොරතුරු තාක්ෂණ නායකත්ව පළපුරුද්දක් ඇති විශ්වසනීය තොරතුරු තාක්ෂණ උපදේශකයෙක්, ව්‍යාපාරික හවුල්කරුවෙක් සහ ව්‍යාපාර සාර්ථක ව්‍යාපාර දක්වා පරිවර්තනය කළ ප්‍රවීණයෙකි.
තොරතුරු තාක්ෂණ උපාය මාර්ග, තොරතුරු තාක්ෂණ අංශ කළමනාකරණය, ඊ.ආර්.පී ක්‍රියාවට නැංවීම, ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සහ ආරක්ෂාව සහ ඩිජිටල් පරිවර්තනය යන ක්ෂේත්‍රවල නිපුණතා ඇති ෆොන්සේකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ විශේෂඥයෙකි.
ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට බැඳීමට පෙර ඔහු සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස්හි පරිගණක ව්‍යාපාර විසඳුම් ප්‍රධානියා සහ මාස් ලීනියා ඇක්වා සමාගමෙහි තොරතුරු තාක්ෂණ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
මීට අමතරව, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමඟ වසර 16කට වැඩි පළපුරුද්දක් ඇති ඔහු, ජෝන් කීල්ස් සොෆ්ට්වෙයාර් ටෙක්නොලොජීස් සමාගමේ අධ්‍යක්ෂ ධුරයද හොබවා ඇති අතර කළමනාකරණ තොරතුරු පද්ධති අංශයේ ගිණුම්කරණ පද්ධති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ධුරයද හොබවා ඇත.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA ) වෘත්තීය සුදුසුකම සහ පරිගණක පද්ධති සැලසුම් පිළිබඳ ඩිප්ලෝමාවක්ද ලබා තිබේ.

 



අදහස් (0)

ෆොනී ද ෆොන්සේකාට ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් අධ්‍යක්ෂ ධුරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site