කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන්වන විට ඊයේ (29) මෙම සතිය තුළ දෙවැනි දිනයටත් අඛණ්ඩ වර්ධනයක් සනිටුහන් කළේය. හෙළ ඇපරල් සමාගමේ කොටස් මිලියන විසි එකක් ගනුදෙනුවාර 774 ක දී හුවමාරු වී තිබේ. ඉකුත් වසරේ සමාගම නිකුත් කළ රුපියල් 1.5 ක ණයකරය සාර්ථකවූ අතර මෑත කාලය තුළ ප්‍රගතියක් වාර්තා වී තිබේ. අඩුම අගයක් දක්වා පහත වැටුණු කොටස්වලට ඊයේ අලුත් ඉල්ලුමක් නිර්මාණය විය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,867.34 ක් වු අතර එය දර්ශක 55.87 ක වර්ධනයකි. ගනුදෙනු ආම්භයේ දී තවත් වර්ධනය වන ලකුණු තිබුණ නමුත් ආයෝජකයන්ගේ විකිණීම් සඳහා වූ නැඹුරුව ඉදිරියේ අඩු ඉල්ලුමක් ඇති විය. කෙසේ වෙතත් විදේශ මිල දී ගැනීම් පවා සීමා සහිත තත්වයක පැවැතිණ. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,671.26 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 17.87 ක වර්ධනයක් සේ දැක්විය හැකිය.
මෙදින ගනුදෙනු 17,117 ක් වාර්තා වූ අතර සමාගම් 166 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 62 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 2,069.18 ක් වශයෙන් විය.
සම්පත් බැංකුව රු. මිලියන 120 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 91 ක්, හෙළ ඇපරල් රු. මිලියන 80ක්, ඩිස්ටිලරීස් රු. මිලියන 68 ක්, ලංකා මිල්ක් ෆුඞ් රු. මිලියන 61 ක්, කැලණි කේබල් රු. මිලියන 60 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 54 ටී.ජේ. සමාගම රු. මිලියන 49 ක්, සී. අයි.සී. නිෂ්ඡන්ද රු. මිලියන 44 ක්, වැලිබල් වන් රු. මිලියන 43 ක්, සහ සෙලිංකෝ හෝල්ඩිං රු. මිලියන 43 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
මධ්‍ය හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් කොටස් මිල දී ගැනීමට පසුබිමක් තිබේ. යුරෝපා සංවිධානයේ නියෝජිත පිරිසක් මෙරට අපනයන සඳහා බදු පහසුකම් සැපයීම ගැන නිරීක්ෂණයකට පැමිණ ඇති අතර එය අපනයන අංශ්‍යට වාසිදායක තත්වයකි.
නිරීක්ෂක
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හෙළ ඇපරල් කොටස් මිලියන විසි එකක් හුවමාරු වේ