IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


හරිස්චන්ද්‍ර මිල්ස් සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට හේලීස් සැරසෙයි

සතියකදී හරිස්චන්ද්‍ර මිල්ස් කොටසක් තුන් ගුණයකට ආසන්නව ඉහළට


භානුක අමරසිංහ


මෙරට සුප්‍රසිද්ධ දේශීය සමාගමක් වන හරිස්චන්ද්‍ර මිලිස් පීඑල්සී සමාගමේ සියයට 40.58 ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගත් හේලීස් සමූහය, එහි ඉතිරි සියයට 59.42 ක කොටසත් අත්පත් කරගැනීම සඳහා ඉදිරිපත්ව තිබෙන බව පවසයි. පසුගියදා ඊට අදාළ යෝජනාව හේලීස් සමූහය මගින් එම කොටස් හිමිකරුවන් වෙත ඉදිරිපත් කර තිබේ.

එම සමුහය පසුගියද‌ා හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ කොටස් 778,946ක් මිලදී ගත් අතර, එම කොටස් මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු වන වෛද්‍ය ටී. සෙන්තිල්වර්ල් මහතාට අයත් සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම වෙත හිමිව තිබූ කොටස්ය. කොටසක් රුපියල් 3,300 බැගින් සිදුවූ මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 2.57 ක් විය.

ඒ අනුව හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති ඉතිරි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය වන 1,140,654 අත්පත් කරගැනීම සඳහා හේලිස් සමුහය මෙලෙස එම කොටස් හිමිකරුවන්ට යෝජනා ඉදිරිපත් කර තිබේ. මෙහිදී හේලීස් සමාගම සිය මූලික අත්පත් කරගැනීම සිදු කරගත් කොටසකට රුපියල් 3,300 බැගින් එම කොටස් සඳහාද ගෙවීමට කැමැත්ත පළ කර ඇතැයි සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සිදුවී සතියක කාලයක් ගත වූ දිනෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසානයේදී හරිස්චන්ද්‍ර මිල්ස් කොටසක වටිනාකම රුපියල් 9,000 කට ආසන්න මට්ටමක පැවතුණි. එසේම පසුගියදා එම අගය රුපියල් 11,000ක මට්ටමකටද පත්විය.



අදහස් (0)

හරිස්චන්ද්‍ර මිල්ස් සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට හේලීස් සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 357 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1636 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site