ශ්රී ලංකාවේ නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලාංකිකයන්ගේ නිවසක් අත්කර ගැනීමේ සිහින සැබෑ කිරීමට හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පුද්ගලික) සමාගම සමග අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරමින් එම සමාගම ඉදි කරන ලද නිවාස සංකීර්ණ ඒකක සහ තනි නිවාස සඳහා පහසු ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත. මෙම ගිවිසුම හරහා කොමර්ෂල් බැංකුව විසින් හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් විසින් අලෙවි කරන දේපලවලට මිලදී ගැනීමේ මිලෙන් සියයට 100 ක් දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දෙන අතර ත්‍රෛපාර්ශවික ගිවිසුම් හරහා ගැනුම්කරුවන්ට ආරක්ෂාව සහ පහසුව සහතික කරයි.
කොමර්ෂල් බැංකුව වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන්ට නිවාස ණය ක්ෂේත්‍රයේ සේවය කරමින් පුළුල් පරාසයක විහිදුනු නම්‍යශීලී ආපසු ගෙවීම් ක්‍රම, තරගකාරී පොලී අනුපාත සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සේවා ප්‍රමිතිවලින් තම සේවාවන් ශක්තිමත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
129
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෝම් ලෑන්ඩ්ස් නිවාස මිලදී ගැනීමට කොමර්ෂල් බැංකුවෙන් සියයට 100 ක් දක්වා මූල්‍ය පහසුකම්