හම්බන්තොට ජාත්‍යන්තර වරාය 2024 දී, සියයට 22 ක ආකර්ෂණීය වර්ධන වේගයක් අත්පත් කරගත් අතර, එය ඊට පෙර වසරට සාපේක්ෂව වර්ධනයකි. මෙම 2025 දී, ඊටත් වඩා ඉහළ වර්ධන වේගයක් අපේක්ෂා කිරීමේ අරමුණින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, බහාලුම් අංගනයේ ගැන්ට්‍රි’ සහියාඩ්’ දොඹකර හඳුන්වා දීම ඇතුළුව එහි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරඹා ඇත. ඒ, ඉන්දීය සාගර කලාපයේ, ප්‍රධාන කැපී පෙනෙන වරායක් ලෙස, නැව් සහ ප්‍රවාහන වෙෙළඳපොළේ ඉල්ලුම සපුරාලීමේ අපේක්ෂාවෙනි.
2024 වසරේ වරායේ තොග සහ තොග භාණ්ඩ ප්‍රවාහන අංශයේ කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ලැබිණි. වසරේ පළමු භාගයේදී, 2023 වසරට සාපේක්ෂව, පරිමාව සියයට 134 කින් ඉහළ ගිය අතර, මෙට්‍රික් ටොන් 236,012 සිට මෙට්‍රික් ටොන් 552,297 දක්වා වැඩි විය. එය 2022 වසරේ දී කඩා වැටුණු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ප්‍රකෘතිමත් වීම, සිමෙන්ති ආනයනය ඉහළ යාමට තුඩු දීම මෙම වැඩිවීමට බොහෝ දුරට හේතු වන්නට ඇත.
වරායේ ගෑස් මෙහෙයුම් සම්බන්ධයෙන් ද වර්ධනයක් පෙන්නුම් කෙරුණු අතර, 2024 පළමු භාගයේදී LPG පරිමාව සියයට 46 කින් වැඩි වී, මෙට්‍රික් ටොන් 127,232 සිට මෙට්‍රික් ටොන් 185,214 දක්වා ඉහළ ගියේය. 2023 වසරට සාපේක්ෂව, දෙවැනි කාර්තුවේදී වරාය LPG ප්‍රතිදානයේ සියයට 100ක වැඩි වීමක් වාර්තා කළේය. වරායේ LPG යාත්‍රා ගෑස්-අප්’ සහිසෘජු බංකර්’ සැපයුම් ලබා දෙමින් බලශක්ති අංශයේ සිය සේවා පුළුල් කළ අතර ද්‍රව තොග නැව් සිට නැව් මෙහෙයුම් සඳහා ද යොමු විය.
2024 වසරේ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය ලැබූ පෙරළිකාර ජයග්‍රහණයක් වූයේ මධ්‍යධරණි නැව් සමාගම (MSC) විසින් ක්‍රියාත්මක කරන ලද එහි ආරම්භක බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව අප්‍රේල් මාසයේදී ආරම්භ කිරීමය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය, වසර මැද වන විට TEU 43,777 ක් හසුරුවන අංගසම්පූර්ණ බහලුම් වරායක් බවට පරිවර්තනය විය. 2023 එම කාල සීමාව තුළ TEUs 44 සිට විස්මිත වර්ධනයකි. මෙම සන්ධිස්ථානය බහාලුම් අංශයේ සියයට 99,300 වර්ධනයක් සනිටුහන් කළ අතර හම්බන්තොට ජාත්‍යන්තර වරාය, විභව බහාලුමක් ලෙස ස්ථානගත කළේය. වරායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ආරම්භ කර ඇත්තේ ඉදිරියේ දී, බහාලුම් අංගනයක් වශයෙනි.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හම්බන්තොට වරායේ සියයට 22 ක වර්ධනයක්