IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හම්බන්තොට වරායේ අනතුරු රහිත RORO හැසිරවීම් MOL නැව් සමාගමේ ඇගයීමට

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) විශිෂ්ට RORO වාහන හැසිරවීම් සහ ප්‍රතිනැව්ගත කිරීමේ ආරක්‍ෂිත මෙහෙයුම් ක්‍රම වේද නැවතවරක් ජාත්‍යන්තර අගැයුමට ලක්ව ඇත. 2023/2024 මූල්‍ය වර්ෂය තුළ කිසිදු අනතුරකින් තොරව RORO මෙහෙයුම් සිදුකිරීම වෙනුවෙන් මිට්සුයි ඕ.එස්.කේ ලයින්ස් (MOL) නැව් සමාගම, චෙන්නායි හි පැවති ඔවුන්ගේ වාර්ෂික ඉන්දියානු සහ ඉන්දියානු සාගර කලාපීය සිවිද්‍යෝරු (Stevedore) රැස්වීමේදී HIP වෙත සම්මාන පිරිනමන ලදී. 
වරාය විසින් වාර්ෂිකව හසුරුවන මුළු RORO පරිමාවෙන් සියයට 10 කට සමාන කොටසකට MOL නැව් සමාගම හිමිකම් කීම, ඔවුන් සමඟ සම්බන්ධතාවේ උපායමාර්ගික වැදගත්කම තවත් ඉස්මතු කරයි. 
MOL හි විධිමත් තත්ව ප්‍රමිති සපුරාලමින්, එම සමාගමේ ලක්ෂ්‍ය 16 කින් යුත් යාත්‍රා සහ අංගන මෙහෙයුම් ලැයිස්තුවට අනුකූල වූ, විශේෂ ක්‍රියා පටිපාටීන් HIP අනුගමනය කරයි. එමෙන්ම RORO මෙහෙයුම් ක්‍රමසම්පාදන සහ පාලන පද්ධතියක්ද (BTOS) වරාය විසින් ස්ථාපිත කොට ඇත. චෙන්නායි හි පැවති රැස්වීම, MOL හි තත්ව පාලන මුලපිරීම් මෙන්ම PCC භාණ්ඩ මෙහෙයුම්වලට සම්බන්ධ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ වේදිකාවකි. මෙහිදී HIP ලත් ඇගැයීම, වාහන සහ යන්ත්‍රෝපකරණ වැනි, ප්‍රතිනැව්ගත කිරීමේදී විශේෂයෙන් හානියට ලක් විය හැකි, ඇසුරුම් නොකළ භාණ්ඩ මෙහෙයුම් සඳහා විශිෂ්ට, ආරක්ෂිත සේවා ලබාදීමට වරාය තුළ ඇති කැපවීම පිළිබිඹු කරයි. 

 



අදහස් (0)

හම්බන්තොට වරායේ අනතුරු රහිත RORO හැසිරවීම් MOL නැව් සමාගමේ ඇගයීමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 583 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1013 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site