ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සී.ඩබ්ලිව්. මැකී පීඑල්සී ලොව විශාලතම බෙයාරින් නිෂ්පාදකයා SKF සමග ව්‍යාපාරික සහයෝගීතාවකට එළැඹෙමින් නිෂ්පාදන සඳහා මෙරට නිල බෙදාහැරීම් නියෝජිතයා බවට පත්ව තිබේ. සී.ඩබ්ලිව්. මැකී SKF ඉන්දියා (ඉන්ඩස්ට්‍රියල්) ලිමිටඩ් ආයතන පාර්ශ්ව දෙකේ ජ්‍යෙෂ්ඨ කළමනාකරීත්වයේ එකමුතුවෙන් එම ව්‍යාපාරික සහයෝගීතාව නිවේදනය කළේය.
සී.ඩබ්ලිව්. මැකී ශ්‍රී ලංකාව තුළ හිමිකරගෙන සිටින විශ්වාසනීය කීර්තිනාමය හා පළපුරුද්දත් SKF සතු නව්‍යකරණයෙන් පිරිපුන් ජාත්‍යන්තර විශිෂ්ටත්වයත් එකිනෙක සුසංයෝග වෙමින් ලාංකීය කාර්මික ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුම මෙම ව්‍යාපාරික සහයෝගීතාවෙන් ප්‍රකට වේ.
ලොව සුපතල සන්නාම රැසක නිෂ්පාදන මෙරටට ගෙන්වා බෙදාහරිනු ලබන සී.ඩබ්ලිව්. මැකී කාර්මික නිෂ්පාදන පෙළ අතරට එක්වන නවතම ජාත්‍යන්තර සන්නාමය SKF වේ. වර්ෂ 1907 දී ආරම්භ වූ SKF නිෂ්පාදන රටවල් 130 ක් පුරා 17, 000 ක ප්‍රදේශ වෙත බෙදාහැරේ. ස්වීඩනයේ විශාලතම සමාගමක් හා ලොව ප්‍රමුඛතම සමාගම් 2000 අතර ලැයිස්තුගත සමාගමක් වන බෙයාරින් තාක්ෂණය හා වැඩිදියුණු කළ කාර්මික විසඳුම් ලබාදෙන සමාගමක් ලෙස ජාතන්තර කීර්තියට පත්ව තිබේ. ලාංකීය කාර්මික ක්ෂේත්‍රයේ අවශ්‍යතා වෙනුවෙන් සී.ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් ගෙන්වා බෙදාහරින අනෙකුත් ජාත්‍යන්තර සන්නාමවල නිෂ්පාදන අතර Danfoss (ඩෙන්මාකය), Bitzer (ජර්මනිය), Frascold (ඉතාලිය), Telwin (ඉතාලිය), Cebora (ඉතාලිය), Chosun (දකුණු කොරියාව), Castolin Eutectic (Europe) සහ Hempel Paints (ඩෙන්මාකය) වැනි විශිෂ්ටතම සන්නාමවල නිෂ්පාදන ලාංකිකයන් අතර විශ්වාසය දිනා ඇති ආකාරයෙන්ම සී.ඩබ්ලිව්. මැකී පීඑල්සී කාර්මික නිෂ්පාදන පෙළ අතරට එක්වන නවතම ජාත්‍යන්තර සන්නාමය SKF නිෂ්පාදනද ලාංකීය කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් විශ්වාසනීය සන්නාමයක් බවට පත්වනු ඇත.
මෙම ව්‍යාපාරික සහයෝගීතාව පිළිබඳ සී.ඩබ්ලිව්. මැකී පීඑල්සී පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ එහි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා මහතා මෙසේ පැවසීය. “මෙම ව්‍යාපාරික සහයෝගීතාව, සී.ඩබ්ලිව්. මැකී සහ ආයතන පාර්ශ්ව දෙකට මෙන්ම ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයටත් අතිශය වැදගත් සංධිස්ථානයක්. ලෝකයේ අතිනවීනතම බෙයාරින් නිෂ්පාදනය වන SKF සන්නාමයේ නිෂ්පාදන සඳහා නිල ලාංකීය බෙදාහරින්නා ලෙස පත්වීම අප සමාගමට ලැබුණ ඉමහත් ගෞරවයක්. අපේ රටේ කර්මාන්ත හා කාර්මික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ලොව හොඳම කාර්මික නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙමින් සී.ඩබ්ලිව්. මැකී පීඑල්සී මෙතෙක් ඉටුකළ සේවාව නව්‍යකරණයෙන් බලගැන්වූ විශිෂ්ටතම SKF නිෂ්පාදන සමග තවදුරටත් ශක්තිමත් වෙනවා.”
SKF ඉන්දියා (ඉන්ඩස්ට්‍රියල්) ලිමිටඩ් වෙනුවෙන් අදහස් දැක්වූ එම සමාගමේ කර්මාන්ත වෙළෙඳපොළ පිළිබඳ අධ්‍යක්ෂ සුජීත් පායි මහතා මෙසේ පැවසීය. “ලාංකිකයන්ගේ විශ්වාසයට පාත්‍ර වූ වෙළෙඳපොළ දැවැන්තයකු සමග අත්වැල් බැඳගනිමින් ලාංකීය පාරිභෝගිකයන්ට උසස්ම තත්වයේ නිෂ්පාදන පෙළක් ලබාදීමට හැකිවීම අප සමාගම ලැබූ ගෞරවයක්. ලාංකීය කර්මාන්ත ක්ෂේත්‍රයේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් විශ්වාසනීය තාක්ෂණික සහයෝගයක් ලබාදෙමින් නියම නිෂ්පාදන ලාංකිකයන්ට සමීප කරමින් පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීමට මෙම ව්‍යාපාරික සබඳතාව ශක්තිමත් අඩිතාලමක් යොදා තිබෙනවා.
2025 නොවැම්බර් මස 04
102
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2030
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සී.ඩබ්ලිව්. මැකී ලොව විශාලතම බෙයාරින් නිෂ්පාදකයා SKF සමග අත්වැල් බැඳගනී