IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිංගර් යළිත් ජාත්‍යන්තර සම්මාන ලබයි

සිංගර්, Global Banking and Financial Awards 11 වෙනි උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, දෙවැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

සිංගර් විසින් අඛණ්ඩව දෙවැනි වරටත් මෙම ගෞරවනීය සම්මානය හිමිකරගන්නේ, පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට නැවත නැවතත් සනාථ කරමිනි.

බ්‍රිතාන්‍යය පාදක කරගත්, Global Banking and Finance Review සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල ආයතනික ලෝකයේ නවෝත්පාදන, කාලෝචිත වෙනස්කම් සහ කැපී පෙනෙන ජයග්‍රහණ හඳුනා ගැනීමට අපේක්ෂා කරන සම්මාන උළෙලක් වන අතර මෙම සම්මාන උළෙලෙහි සම්මාන හිමි කරගැනීම සඳහා ලොව සුපතල සමාගම් අතර, දැඩි තරගකාරීත්වයක් පවතී.

සිංගර් හිමි කරගත් මෙම ගෝලීය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවැසීය.

“ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට සිංගර් සලසන සේවාව විදහා දක්වමින් මෙලෙස සම්මානයට පාත්‍ර වීමට ලැබීම අපට සතුටට හා ආඩම්බරයට කරුණක් වගේම, පාරිභෝගික අවශ්‍යතා ඉලක්ක කරගත් හොඳම සේවාවක් ලබාදීමට ගත් විශිෂ්ට සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ගත වුණු කාලය, සියලු‍ ව්‍යාපාරවලට ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් වුණත්, අපගේ මෙහෙයුම් ‘නව සාමාන්‍යයට’ ගැළැපෙන පරිදි විධිමත් කරමින්, ව්‍යාපාර වර්ධනය පවත්වාගෙන යාමටත්, අපගේ ගනුදෙනුකරුවන්ට කාර්යක්ෂම සේවයක් ලබාදීමටත් අපට හැකි වුණා. එබැවින් ලොව හොඳම පාරිභෝගික භාණ්ඩ සහ විසඳුම් සමඟ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නඟාසිටුවීමට උත්සාහ කරන සැබැවින්ම ශ්‍රී ලාංකික සමාගමක් ලෙස මෙම සම්මානය ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. තව ද මෙම අභියෝගාත්මක කාලයේදී සමාගමේ මූල්‍ය ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා Fitch ශ්‍රේණිගත කිරීම්හි (AA) ශ්‍රේණියක් ලබාගෙන තිබීම ද විශේෂිත කරුණකි.”‍



අදහස් (0)

සිංගර් යළිත් ජාත්‍යන්තර සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site