IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෙ‌ා්කර්ස් බණ්ඩාරවෙලට

සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් (පෞද්.) සමාගම සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරමින් ඔවුන්ගේ නවතම ශාඛාව බණ්ඩාරවෙල නගරයේදී පසුගිය දා විවෘත කරන ලදී. මේ සමග එම ආයතනයෙහි දිවයින පුරා විහිදි සමස්ත ශාඛා ගණන අටක් දක්වා ඉහළ ගිය අතර, එමඟින් කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, පානදුර, යාපනය හා බණ්ඩාරවෙල යන නගර ආවරණය කරයි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව විසින් කොටස් වෙළෙඳපොළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අනුගත වීමක් ලෙස දිවයිනෙහි සෑම ප්‍රදේශයකම වෙසෙන ආයෝජකයන්ට සිය ධාරිතාව සහ ප්‍රදේශය ආයෝජනය සඳහා බාධාවක් නොවන ලෙසට සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් ආයතනය සිය ශාඛා ජාලය පුළුල් කර ඇත. තව ද, නව්‍ය තාක්ෂණය උපයෝගි කරගනිමින් කොටස් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා සියලු දෙනාට අවකාශය ලබා දී ඇති අතර, කොටස් වෙළෙඳපොළ ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය සියයට සියයක් මාර්ගගත ක්‍රමයට සිදු කරනු ලබයි. මෙහිදී ආයෝජකයන්ට QR කේතයක් ස්කෑන් කිරීමෙන් ඉතාමත් කෙටි කාලයක් තුළදී කොටස් වෙළෙඳපොළ ගිණුමක් විවෘත කර කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලැබෙන අතර, කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අවශ්‍ය සියලු තොරතුරු ලබා දීමට සතිපතා වෙබිනාර් වැඩසටහන් ද එම ආයතනය දියත් කර ඇත.
බණ්ඩාරවෙල නව ශාඛාවෙහි ආයෝජකයන් සඳහා සහාය වීමට ආයෝජන නිලධාරියකුගෙන් සමන්විත වූ කාර්යමණ්ඩලයක් සේවයෙහි යොදවා ඇති අතර, කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම අයකුට එහිදී ඊට අදාළ සේවා ලබාගත හැක.
නව ශාඛා ආරම්භයත් සමග සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරි ඩිහාන් දැදිගම මහතා විසින් සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “කොළඹට පමණක් සීමා නොවී සෑම ප්‍රදේශයකම ආයෝජකයන් සඳහා කොටස් වෙළෙඳපොළ ආයෝජනය පහසු කිරීමට අවශ්‍ය ඉහළ මට්ටමේ සේවාවක් ලබා දීමට තම ආයතනය කැපවී සිටින බවයි.” තව ද, දිවයින පුරා ඇති සිය ආයතනික ශාඛා හරහා විශාල ආයෝජකයන් සංඛ්‍යාවක් සමඟ මේ වන විට ඔවුන් විසින් ශක්තිමත් ශාඛා ජාලයක් ගොඩනඟා ඇති බවත්, එමඟින් සිය ගනුදෙනුකරුවන් හට සුවිශේෂි ප්‍රතිලාභ රැසක් ලබා දීමට ඔවුන්ට හැකියාව ලැබී ඇති බවත් ප්‍රකාශ කළේය.
සොෆ්ට්ලොජික් ආයතන සමූහයෙහි මූල්‍ය අංශයේ ප්‍රධාන ශාඛාව වන සොෆ්ට්ලොජික් කැපිටල් පී.එල්.සී. ආයතනයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් (පෞද්.) සමාගම එම අංශයෙහි කොටස් තැරැව්කාර සමාගම වන අතර, ඊට අනුබද්ධිතව රක්ෂණාවරණ සමාගමක් මෙන්ම මූල්‍ය සමාගමක් ද පවතී.



අදහස් (0)

සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෙ‌ා්කර්ස් බණ්ඩාරවෙලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 99 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site