භානුක අමරසිංහ
ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ((SME) ) වෙත ලබා දෙන ණය සහන සම්බන්ධයෙන් බලපත්‍රලාභී බැංකු වෙත තවත් අතිරේක උපදෙස් කිහිපයක් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව මෙය 2024 දෙසැම්බර් 19 වැනිදා බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කෙරුණු 2024 අංක 04 දරණ චක්‍ර ලේඛයට අදාළව මෙම අතිරේක උපදෙස් නිකුත් කෙරෙන බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව 2025 ජනවාරි 02 වැනිදා නිකුත් කළ 2025 අංක 01 දරණ චක්‍රලේඛය මගින් සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය සහ සාර්වආර්ථික තත්වය හමුවේ බලපෑමට ලක් වූ මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත බලපෑ පරාටේ නීතිය, තවත් මාස තුනකින් එනම් 2025 මාර්තු 31 වැනිදා දක්වා කල් දැමීමේ තීරණය නිකුත් කෙරුණේද 2024 අංක 04 දරණ එම චක්‍රලේඛය මගිනි.
පසුගිය ජනවාරි 02 වැනිදා මහ බැංකුව නිකුත් කළ මෙම නවතම චක්‍රලේඛයට අනුව මෙම ණය සහනය ක්‍රියාත්මක කිරීම යටතේ මූලිකවම බලපත්‍රලාභී බැංකු මගින් සහන බැංකුකරණ ඒකකයක් (Relief Banking Unit) ස්ථාපිත කළ යුතු බව දැනුම් දී තිබේ.
“2024 අංක 04 දරණ චක්‍රලේඛය මගින් මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ලබා දෙන සහන සම්බන්ධ උපදෙස් ක්‍රියාත්මක කිරීම සහ ඒවා නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් මෙම ඒකකය පිහිටුවිය යුතුය.” මහ බැංකුව සඳහන් කරයි.
එසේම අදාළ චක්‍රලේඛය මගින් බලපත්‍ර ලාභී බැංකු තුළ ව්‍යාපාර නැවත නගා සිටුවීමේ ඒකකයක් පිහිටුවීමටද උපදෙස් ලබාදී තිබුණි.
ඒ අනුව මෙම අලුත් චක්‍රලේඛය මගින් පැරණි චක්‍රලේඛය වෙත අලුතින් 1.4 යන ඡේදය එක් කරමින් මෙම සහන ලබාදීම සම්බන්ධයෙන් මෙලෙස නව උපදෙස් ලබාදීමට මහ බැංකුව පියවර ගෙන ඇත.
“මෙහිදී මුල් ණය එකඟතාව වසර 10කට වඩා වැඩි නොවන්නේ නම්, සුදුසුකම් ලත් ණයකරුවන් සතු ණය පහසුකම උපරිම වසර 10ක කාලයක් දක්වා යළි සකස් කිරීමට මෙම බලපත්‍රලාභී බැංකු වෙත අවස්ථාව පවතී.” මහ බැංකුව පවසයි.
මෙහිදී බලපත්‍රලාභී වාණිජ බැංකු මෙන්ම සුදුසුකම්ලත් ණයකරුවන්ද මෙම ණය සහනය පිළිබඳ වගන්ති සහ කොන්දේසි වෙත එකඟතාවට පැමිණීම අවශ්‍ය වන බවත්, මූලිකවම පොලී අනුපාත පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇතැයිද මහ බැංකුව පෙන්වා දෙයි.
එසේම මෙම නව චක්‍රලේඛය මගින් අංක 3.3 වන ඡේදය එක් කරමින්, මහ බැංකුව මෙම ණය සහන ලබාදීමේදී ක්‍රියාත්මක විය යුතු විනිවිදභාවය සම්බන්ධයෙන්ද බලපත්‍රලාභී බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව පරාටේ නීතිය යළි ක්‍රියාත්මක වන අවස්ථාවේදී ණයකරුවෙකු සතුව ඇති යම් දේපළක් වෙන්දේසි කිරීමේදී බැංකුව සහ ණයකරුවා අතර ඇති විය හැකි මතභේදයක් වැළැක්වීම සඳහා විනිවිදභාවයෙන් ක්‍රියාත්මක මැසිවිලි දරා ගැනීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත විය යුතු බවත් එහි සඳහන් වෙයි.
මීට අමතරව නව චක්‍රලේඛය වෙත 4.1 දරණ වගන්තිය එක් කරමින්, 2025 ජනවාරි 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍රලාභී බැංකු මෙම ණයකරුවන් වෙත ලබාදී ඇති ණය සහන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ යුතු බව දැනුම් දී තිබේ. ඒ අනුව සෑම මාසයක් අවසානයේදී දින 15ක් ඇතුළතදී මෙම වාර්තාව මහ බැංකුවෙහි බැංකු ආවේක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත දැනුම්දිය යුතු බව මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියි. ඊට අදාළව බැංකු විසින් සම්පූර්ණ කළ යුතු වගුවක ආදර්ශයක්ද මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකු වෙත ලබා දී තිබේ.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සහය මහ බැංකුවෙන් බැංකුවලට තවත් උපදෙස්