IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘සහසක් නිමැවුම් 2025‘ ප්‍රදර්ශනයේදී Curtin University Colombo උපාධි අපේක්ෂකයෝ නවෝත්පාදන ප්‍රදර්ශනය කරති


Curtin University Colombo හි මෙකට්‍රොනික්ස් ඉංජිනේරු විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරන, කැපී පෙනෙන සිසුන් දෙපළක් වන රොවිඳු තරින් සහ අමිත්නාල් හේරත්, ‘සහසක් නිමැවුම් 2025‘ ජාතික නව නිපැයුම් සහ නවෝත්පාදන ප්‍රදර්ශනය සහ තරගය සඳහා විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වූ අතර ඔවුහු ලංකාවේ නැගී එන කුසලතා සංචිතය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබූහ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය 2025 අප්‍රේල් 25 සිට 27 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

දැවෙන ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා සිසුන් විසින් ඉදිරිපත් කර ඇති මෙම නව්‍ය ඉංජිනේරු විසඳුම් වැඩසටහනේ කැපී පෙනෙන විශේෂත්වයක් පෙන්නුම් කරනු ලැබීය. 

මෙම ජයග්‍රහණයෙන් Curtin University Colombo හි වර්ධනය වෙමින් පවතින අධ්‍යාපනයේ සහ පර්යේෂණ අංශයේ හැකියාවන්ගේ ගුණාත්මක බව ද මැනවින් ඉස්මතු කෙරුණු අතර, ලාංකික සිසුන් ගෝලීය අර්බුද සඳහා විසඳුම් නිර්මාණය සඳහා යොමු වී සිටීම මෙන්ම, පුනර්ජනනීය බලශක්ති සහ සහායක තාක්ෂණ අංශවල තීරණාත්මක අභියෝගවලට ඔවුන් මුහුණ දෙන ආකාරය පිළිබඳවත් බලාපොරොත්තු සහගත එළියක් දල්වන්නට මෙම ජයග්‍රහණය හේතුවක් වී ඇත.

දකුණු ආසියාවේ තාක්ෂණික නවෝත්පාදන සඳහා නැගී එන මධ්‍යස්ථානයක් ලෙස ලංකාව ස්ථානගත කිරීමට මෙන්ම, සංකීර්ණ ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය ඉදිරිගාමී ප්‍රවේශය හඳුනා ගැනීමේ හැකියාව තහවුරු කරන්නට ද මෙම සිසුන්ගේ නවෝත්පාදන මනා නිදසුනක් සපයයි.

දෙවන වසරේ මෙකට්‍රොනික්ස් ඉංජිනේරු විද්‍යාව හදාරන රොවිඳු තරින්, නොවැළැක්විය හැකි සෙවණ තත්වය යටතේ සූර්ය බලශක්ති අස්වැන්න වැඩි කිරීම සඳහා සැලසුම් කරන ලද නවෝත්පාදන උපකරණයක් වන ‘LightSwap’ නිමැවුම නිර්මාණය කර ඇත. මෙම නිමැවුම පේටන්ට් බලපත්‍රය අපේක්ෂාවන් සිටින නවෝත්පාදනයක් (LK/P/1/23409) වන අතර මෙමඟින් සූර්ය බලශක්ති ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝගවලින් එකක් වන සෙවණැලි හේතුවෙන් බලය අඩු වීම, විශේෂයෙන් ගොඩනැගිලි සමඟ ඒකාබද්ධ කළ සූර්ය පද්ධති (BIPV) සහ බැල්කනිවල සවි කළ සූර්ය පැනල සම්බන්ධයෙන් ඇති ගැටලු‍වට මනා විසඳුමකි.

මෙම නවෝත්පාදනය ක්‍රියාත්මක වන්නේ ‘ආලෝකය හුවමාරු කිරීමේ‘ තාක්ෂණික ක්‍රමවේදයක් මඟිනි. එනම්, සූර්ය කිරණ රැස් කිරීමේ උපාංග මඟින් සූර්ය විකිරණ ග්‍රහණය කර Optical Fiber හරහා සෙවණ ලද පැනල් වෙත මාරු කරනු ලැබේ. මෙමඟින් ශක්තියෙන් සැලකිය යුතු කොටසක් නැවත ලබා ගැනීමට හැකි වනවා පමණක් නොව කාලයත් සමඟ සූර්ය පැනලවල උණුසුම් ස්ථාන ඒකරාශී වීම නිසා හානියට පත් වීම වළක්වා ගැනීමට ද හැකි වේ. ඉඩකඩ සීමාව සහ වාස්තු විද්‍යාත්මක හේතු නිසා බොහෝ විට අර්ධ සෙවණ සහිත නාගරික අවකාශවල සූර්ය පැනල ස්ථාපනය සඳහා මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකි නවෝත්පාදනයකි. 

අවසාන වසරේ මෙකට්‍රොනික්ස් ඉංජිනේරු විද්‍යාව හදාරන අමිත්නාල් හේරත් විසින් ඉදිරිපත් කළ නවෝත්පාදනය වූයේ ‘SMARTNAV’ නම් රෝදපුටු සඳහා වන ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියකි. බාධක වළක්වා ගැනීම, සිතියම්ගත කිරීම සහ ප්‍රදේශයට අනුව අනුවර්තනය වීම ඇතුළු විශේෂාංගවලින් සමන්විත මෙයට ඉලෙක්ට්‍රොකියුලෝග්‍රැෆි (EOG) තාක්ෂණය සහ 3D කැමරාවක් ද සම්බන්ධ කර ඇත.

මෙම අති නවීන පද්ධතිය මඟින් උග්‍ර චාලක ආබාධ සහිත පුද්ගලයන් මුහුණ දෙන සැලකිය යුතු අභියෝග රැසකට පිළිතුරක් ලබා දෙන අතර, අත්-පා චලනය අසීරු පුද්ගලයන්ට මෙම සුවිශේෂී බුද්ධිය මඟින් පාලනය හැසිරවීමේ හැකියාව උදා වේ. SMARTNAV මඟින් ප්‍රදේශයට අනුගතවීම හා සිතියම්කරණය (SLAM) සමගාමීව සිදු කරන බැවින් ඉදිරියෙන් ඇති බාධක වළක්වා ගැනීම සඳහා සජීවීව ක්‍රියාකරනු ලබයි. ඇසෙන් චලනය පාලනය කිරීම සඳහා EOG තාක්ෂණය ද මීට ඒකාබද්ධ කර ඇති නිසා එමඟින් පරිශීලකයන්ට ඇසේ චලනයන් හරහා රෝද පුටුව පාලනය කිරීමට ඉඩ සැලසේ. මෙමඟින් සංකීර්ණ පරිසරයන් හරහා ගමන් කිරීමේදී සුරක්ෂිත සහ කාර්යක්ෂම චලනයක් සහතික කරනු ලැබේ. මෙම පද්ධතිය දැනටමත් කර්ටින් විශ්වවිද්‍යාලයේ Global Pitching Competition 2024 තරගයේ කලාපීය අවසන් තරගකරුවන් අතරට තෝරාගෙන ඇති අතර, නිපැයුමේ ඇති වැදගත්කම හා නවෝත්පාදනය ඉන් මැනවින් කැපී පෙනෙයි.

‘සහසක් නිමැවුම් 2025‘ තරගයේදී මෙම ව්‍යාපෘති දෙකම ප්‍රදර්ශනය කරන ලද අතර, තරින් IEEE Innovation Nation Sri Lanka 2024 අංශයෙන් උතුරු කොළඹ පළාත් අංශයේ පළමු ස්ථානය සහ ජයග්‍රාහී අවසන් දිස්ත්‍රික්ක 12 අතරින් හොඳම අදහස් සඳහා වන අදියරේ අවසන් තරගකරුවකු ලෙස ද ඇගයීමට ලක් විය.

‘සහසක් නිමැවුම් 2025’ යනු COVID-19 වසංගතයෙන් පසු පවත්වනු ලැබූ ප්‍රථම භෞතික ප්‍රදර්ශනය වූ අතර, එයට දෙස් විදෙස් සහභාගිවන්නන් රැසක් ද සම්බන්ධ විය. මෙම අවස්ථාව නවෝත්පාදකයන්ට තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සහ සුදුසු ආයෝජකයන් සහ කර්මාන්ත හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වේදිකාවක් ද නිර්මාණය කරනු ලැබීය. 





අදහස් (0)

‘සහසක් නිමැවුම් 2025‘ ප්‍රදර්ශනයේදී Curtin University Colombo උපාධි අපේක්ෂකයෝ නවෝත්පාදන ප්‍රදර්ශනය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site